mediahumanrights.lk
Local NewsNewsPolitical

ඡන්ද හිමි නාමලේඛනයේ ප්‍රතිශෝධන ඇරඹෙයි

2017 ඡන්ද හිමි නාමලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු ආරම්භ කර ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඉදිරියේදී තීරණාත්මක මැතිවරණ දෙකක් හා ජනමත විචාරණයක් පැවැත්වීමට නියමිත බැවින් මෙම ප්‍රතිශෝධන ක්‍රියාවලිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටින බවයි.
තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගේ මැදිහත්වීමෙන් අදාළ ප්‍රතිශෝධන කටයුතු සඳහා නියෝජිතයෙකු පත් කර එහි කටයුතු පිළිබඳ විමර්ශනය කළ හැකි බව රෝහණ හෙට්ටිආරච්චි මහතා අවධාරණය කරයි.
මැතිවරණයන් ආසන්නයේදී නැවත ප්‍රතිශෝධන කටයුතුවල සංශෝධන සිදුකිරීමට අපහසු බැවින් මෙම අවස්ථාවේදීම ඒ සඳහා අවධානය යොමු කළ යුතු බව අද දෙරණ කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

දුම්රිය ගමනාගමනය දින 2ක් නවතා දැමේ

Shiran Viraj

පොලීසියේ නම කැත කළ නිලධාරීන් 373ක් දොට්ට – පොලිස් ප්‍රධානීන් 25කුත් ඒ අතර

Shiran Viraj

කොරෝනා මඩින ශ‍්‍රී ලංකා වැඩපිලිවෙල විශිෂ්ඨයි.. ජනපති ගෝටාභයට ස්තුතියි..- ලෝක සෞඛ්‍ය සංවිධානය ජනපතිට සුබ පතයි..

Shiran Viraj
Translate »