26.1 C
Colombo
2026-09-18
mediahumanrights.lk
Local NewsNewsPolitical

ඡන්ද හිමි නාමලේඛනයේ ප්‍රතිශෝධන ඇරඹෙයි

2017 ඡන්ද හිමි නාමලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු ආරම්භ කර ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඉදිරියේදී තීරණාත්මක මැතිවරණ දෙකක් හා ජනමත විචාරණයක් පැවැත්වීමට නියමිත බැවින් මෙම ප්‍රතිශෝධන ක්‍රියාවලිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටින බවයි.
තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගේ මැදිහත්වීමෙන් අදාළ ප්‍රතිශෝධන කටයුතු සඳහා නියෝජිතයෙකු පත් කර එහි කටයුතු පිළිබඳ විමර්ශනය කළ හැකි බව රෝහණ හෙට්ටිආරච්චි මහතා අවධාරණය කරයි.
මැතිවරණයන් ආසන්නයේදී නැවත ප්‍රතිශෝධන කටයුතුවල සංශෝධන සිදුකිරීමට අපහසු බැවින් මෙම අවස්ථාවේදීම ඒ සඳහා අවධානය යොමු කළ යුතු බව අද දෙරණ කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

අරක්කු අලෙවිය බහී.. කසිප්පු අලෙවිය සීඝ‍්‍රයෙන් ඉහලට..

Shiran Viraj

අඩු මිලට 'පාට' පොල් අද සිට ජනතාවට

Shiran Viraj

පාර්ලිමේන්තු වටරවුම අවට වාහන තදබදයක්

Shiran Viraj
Translate »