mediahumanrights.lk
Local NewsNews

සාගර-නන්දිමිත්‍ර සිංගප්පූරු යයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුද නිරීක්ෂණ නෞකා දෙකක් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.
සිංගප්පූරුවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා නිලධාරීන් 34 දෙනෙකු හා නාවිකයින් 290 දෙනෙකු සමඟ “ සාගර“ හා “ නන්දිමිත්‍ර “ යන නෞකා ඊයේ(05) කොළඹ වරායෙන් පිටත් වූ බව නාවික හමුදාව පැවසුවේය.
එම නෞකාවන් මැයි මස 12 වනදා සිට 18 වනදා දක්වා සිංගප්පූරුවේ රැදී සිටීමට නියමිත බව සඳහන්ය.
එම සංචාරයේදී යුද නැව් සංදර්ශන, අන්තර් ජාතික සාගරික ආරක්ෂණ සම්මන්ත්‍රණ, ජාත්‍යන්තර මුහුදු ඉංජිනේරු සමුළුව, නාවික හමුදා ජාල වැඩසටහන ආදී වැඩසටහන් පැවැත්වීමට නියමිතය.
(under the courtesy of adaderana news web)

Related posts

කුඩු සුද්දී නිසා පොලිසියේ තිදෙනෙකුට වැඩ තහනම්

Shiran Viraj

අධිවේගී මාර්ගයේ පාපැදි තරගයක්….

Shiran Viraj

රටපුරා සියලු අධ්‍යාපන විද්‍යාපීඨ කොරෝනා රෝගීන්ට සූදානම් කරයි..

Shiran Viraj
Translate »