mediahumanrights.lk
Local News News

සීදූවේ පාතාලයෙන් වෙඩි වැලක්..

සීදූව පොලිස් වසමේ ලියනේගේමුල්ල ප්‍රදේශයේ නිවසකට කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා පලා ගොස් අති බවට සීදූව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විර්මශන ආරම්භ කර ඇත.

වෙඩි තැබිමෙන් එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මීගමුව රෝහලට ඇතුලත් කිරීමේදී එක් පුතෙකු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 53 ක් වූ ලියනේගේමුල්ල, සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පලාගිය කාර් රථය කටුනායක ප්‍රදේශයේ දමා ගොස් තිබියදී හමු වී ඇති අතර එය ගිනි ගැනීමකට ලක්ව ඇත. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සීදූව පොලීසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබයි.

Related posts

බංකොලොත් ලේබලය අපේ ආණ්ඩුවෙන් ඉවත් කලා..- මාලිමා මන්ත‍්‍රී

Shiran Viraj

මාලිංගට අයි.පී.එල් තරග රැසක් අහිමි වීමට යයි

Shiran Viraj

පෞද්ගලික බැංකුවක් කොල්ලකයි – කොල්ලය වැළැක්වීමට ගිය ආරක්ෂකයෙකු වෙඩිකයි

Shiran Viraj