28.4 C
Colombo
2026-09-10
mediahumanrights.lk
Local NewsNews

වෘත්තිය සමිති සමාජික මුදල් නතර කරන්නැයි වතු කම්කරුවන් පාලන අධිකාරියෙන් ඉල්ලයි..

වතු කම්කරුවන්ගෙන් වෘත්තිය සමිති සදහා මාසිකව අය කරනු ලබන සමාජික මුදල් 2024 දෙසැම්බර් මස සිට අය නොකරන ලෙසට වතු වෘත්තිය සමිති කිහිපයක සමාජිකයන් විසින් වතු පාලන අධිකාරියෙන් ඉල්ලිමක් කර ඇත.

මහ මැතිවරණයෙන් පරාජය ලැබු වතුකරයේ වෘත්තිය නායකයින් බලයේ රැදි සිටි කාලයේදිත් තමන්ට කිසිදු සුභ සාධනයක් සිදු නොකල බවත්, ඒ අනුව මාසිකව රු 250-330 දක්වා විවිධ ගණන් යටතේ එක් එක් වෘත්තිය සමිති වලට අය කරන සමාජික මුදල නතර කරන ලෙසට වතු කම්කරුවන් වතු පාලන අධිකාරියෙන් ඉල්ලා ඇත.

මාස හයකට වරක් වතු වෘත්තිය සමිති විසින් වතු කම්කරුවන් සමාජිකයන් ලෙස බදවා ගන්නා බවත්, 2025 වසරේ මුල් මාස හය සදහා සමාජිකයන් බදවා ගැනිම සදහා එම වෘත්තිය සමිති විසින් ලබාදෙන අයදුම්පත් ලබා නොගැනිමට වතුකම්කරුවන් විශාල පිරිසක් මේ වන විට තිරණය කර ඇත.

වතු කම්කරුවන් මාසිකව වෘත්තිය සමිති වෙල ගෙවනු ලබන සමාජික මුදල් වල සවිස්තර වාර්තාවක්ද එම වෘත්තිය සමිති විසින් තමන් වෙත ලබා නොදෙන බවයි වතු කම්කරුවන් වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

අතීත මානවයින් ගැන දුෂ්කර ගමකින් සාක්ෂි හමුවෙයි (PHOTOS)

Shiran Viraj

බදු වෙනස් කරන කෙටුම්පත අද විවාදයට

Shiran Viraj

කළුතරදී බන්ධනාගාර බසයකට වෙඩි තැබීමේ සිද්ධියට ඇල්ලූ අල බෝලේ අධිකරණයට

Shiran Viraj
Translate »