2026-02-13
mediahumanrights.lk
Local NewsNews

15 හැවිරිදි දැරියක් දරුවෙකු බිහිකර රෝහලෙන් පලායයි..

යාපනය ශික්ෂණ රෝහලට ඇතුල් වී බිහිකරන ලද බිළිඳා රෝහලේ දමා පලා ගිය 15 හැවිරිදි දැරිය හා දැරියගේ මව පොලිස් භාරයට ගත් බවටත් දැරිය ගැබිනියක් කල පුද්ගලයාද අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පැවසීය.

පසුගිය සතියේදී යපනය ශික්ෂණ රෝහලට අවුරුදු 15 ක් වයසැති දැරියක් ඇතුලත් වී ඇත්තේ ගැබිනියක් ලෙසිනි. අනතුරුව අඩුවයස්ව මෙලෙස ගැබ්ගැනීම සම්බන්ධයෙන් යාපනය ශික්ෂණ රෝහලේ කර්ය මණ්ඩලය විසින් යාපනය පොලීසියද දැනුවත් කෙට තිබුණි.

අනතුරුව පසුගිය 13 වනදා අදාල දැරිය බිළිඳෙකු ප්‍රසූත කිරීමෙන් පසුව අදාල දැරිය සහ ඇගේ තනියට සිටි මවද බිළිඳා රෝහලේ දම අතුරුදහන්ව තිබුණි. පසුව ඒ පිළිබඳව රෝහල බලධාරීන් විසින් යපනය පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා තිබුණි.

අදාල දැරිය යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ ජීවත්වන බවට පොලීසියට ලැබුනු තෙරතුරකට අනුව යාපනය පොලීසිය විසින් නෙල්ලිඅඩි පොලීසියට ඒ බව දැනුම් දී ඇති අතර අනතුරුව නෙල්ලිඅඩි පොලීසිය විසින් දැරිය හා දැරියගේ මව පොලිස් භාරයට ගෙන යාපනය පොලීසිය වෙතට භාර දෙන ලදි.

එහිදී පොලීසිය විසින් 15 හැවිරිදි දැරිය ගැබිනියක් කරන ලද පුද්ගලයා සොය පරික්ෂණයක් ඇරඹු අතර එහිදී සැක පිට මුලතිව් මල්ලවි ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇත.

රෝහලේ දම ගිය බිළිඳා මේ වන විට රේහල් බලධාරීන්ගේ අධික්ෂණය යටතේ යාපනය ශික්ෂන රෝහලේ තබා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංක

Related posts

ඉන්දියාවෙන් උතුරට හොර පාරෙන් ආ අයෙකුට කොරෝනා ලක්ෂණ..

Shiran Viraj

Why Watson data platform can be the iTunes for your Big Data

Shiran Viraj

බෝම්බ පිපිරීම් අස්සේ ශ්‍රී ලන්කන් මුල් පුටුවට ජාත්‍යන්තර දූෂණ වලට සම්බන්ධ පුද්ගලයෙක්.කලින් සේවය කළ ඇෆ්ගන් ගුවන්සේවයත් වසා දාලා

Shiran Viraj
Translate »