2026-09-04
mediahumanrights.lk
Local NewsNews

නෑයන් සමරන්න නොදුන්නොත් රනිල්ටත් ගෝඨාගේ ඉරණමමයි..- සම්බන්ධන්

යුද්ධයේදී මියගිය සිය ඥාතීන් සිහිපත් කිරීමට දෙමළ ජනතාවට සම්පූර්ණ අයිතියක් ඇති බවත් එම අයිතිය වැළැක්වීමට කිසිවකුට අයිතියක් නොමැති බවත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ජේ‍යෂ්ඨ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා පවසයි.

යුද්ධයෙන් මියගිය සිය ජනතාව සිහිපත් කිරීම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් වැළැක්වූ බව සිහිපත් කළ සම්පන්දන් මහතා ඔහුට ධුරයෙන් ඉවත්ව ගෙදර

යෑමට සිදුවූ අතර වත්මන් ජනාධිපතිවරයාත් දෙමළ ජනතාවගේ සිහිපත් කිරීම් වැළැක්වීමට කටයුතු කළහොත් ඔහුටත් ඒ ඉරණමම අත්වනු ඇති බව සඳහන් කළේය. මුල්ලිවයික්කාල් සතිය අනුස්මරණය කරමින් උතුරු නැඟෙනහිර පළාත්වල දෙමළ ජනතාව විසින් පැවැත්වූ සැමරුම් උත්සව වැළැක්වීමට ආරක්ෂක අංශ කටයුතු කිරීම පිළිබඳව ප්‍රතිචාර දක්වමින් සම්පන්දන් මහතා මේ බව කීය. ඔහු මෙම සිදුවීම් පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.

මැයි මාසය කියන්නේ මේ රටේ දෙමළ ජනතාවට ඉතාමත් සංවේදී මාසයක්. ඔවුන් යුද්ධයෙන් මියගිය සිය ඥාතීන්ව සිහිපත් කරනු ලබනවා. දෙමළ ජනතාවට යුද්ධයෙන් මියගිය සිය ඥාතීන් සිහිපත් කිරීමේ සම්පූර්ණ අයිතිය තිබෙනවා. ඒ අයිතිය කිසිවකුටත් පැහැර ගන්න බැහැ. ප්‍රතික්ෂේප කරන්න බැහැ. ඒ අයිතිය කවරකු විසින් හෝ වැළැක්වීමට කටයුතු කරන්නේ නම් ඒ සඳහා වන මූලික අයිතිවාසිකම් කඩකිරීමක්.

සාම්පුර් සිදුවීමේදී පොලිසිය මිලෙච්ඡ ආකාරයෙන් හැසිරී තිබෙනවා. ඒ නිලධාරීන්ව අත්අඩංගුවට ගත යුතුයි. මේ සම්බන්ධයෙන් ඒ ඒ පළාත්වල බලධාරීන්ගෙන් මා විමසා සිටියා. විශේෂයෙන් සිහිපත් කිරීම වැළැක්වීමට නියෝග කළේ කවුද?

විශේෂයෙන් ඉහත කී සිදුවීම්වලට අදාළව අත්අඩංගුවට ගත් පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුව විසින් වහා නිදහස් කිරීමට අදාළ පියවර ගත යුතුයි.

– ලක්ෂ්මී ජයකොඩි

Related posts

අනුර කැනඩා යන්න පෙර තානාපති ජවිපෙ මූලස්ථානයට එයි..

Shiran Viraj

කොළඹ අපිරිසිදු කරන්න සංවිධානාත්මක කුණු දමනවා

Shiran Viraj

රාජ්‍ය මර්ධනය නවතනු.. විරෝධතා තීව‍්‍ර කරනවා..- GMOA දන්වයි..

Shiran Viraj
Translate »