27.2 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

දේශබන්දුට එරෙහිව මුජිබර් ශ්‍රේෂ්ඨාධිකරණයේ.. පොලිස්පතිකමට අතුරු තහනමක් ඉල්ලයි…

දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිසියේ හා රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ බරපතළ නොසැලකිල්ල හෝ අතපසුවීම් කිහිපයක් මත 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුව ඇති බව ඒ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම විසින් අනාවරණය කරගෙන ඇති බවත් ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීමට නිර්දේශ කර ඇති බවත් පෙත්සම මගින් කියා සිටී.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොරදී නිරායුධ පුරවැසියන්ට පහරදුන් පිරිස වැළැක්‌වීමට දේශබන්දු තෙන්නකෝන් මහතා අසමත් වූ බවත් පෙත්සම්කරු කියා සිටියිත

වත්මන් තත්ත්වය යටතේ වැඩබලන පොලිස්පති ලෙස සිටින තෙන්නකෝන් මහතා ලෙස ස්ථිර පදනමින් පත් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් නීතියේ ආධිපත්‍යයට ඍජු ප්‍රහාරයක් එල්ල කරන බවත්ල එහි ප්‍රතිඵලයක් ලෙස පෙත්සම්කරුගේ සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් කඩ කිරීමක් සිදුවන බවත් පෙත්සම්කරු කියා සිටියි.

ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා තවදුරටත් පත්කිරීමට අදාළව ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අනුමැතිය ලබාදීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු වැඩිදුරටත් ඉල්ලා ඇත.

Related posts

හෝටලයක් වටලා මත් වූ පාසැල් සිසුන් 200ක් අල්ලයි!- ‍ෆේස්බුක් හරහා සිදු වූ තවත් ජාවාරමක් මෙන්න

Shiran Viraj

දිනකට බෝල්පොයින්ට් පෑන් හිස් බට කිලෝ 80ක් පරිසරයට මුදා හැරේ

Shiran Viraj

හමුදා ලොක්කෝ තිදෙනෙක් ශවේන්ද්‍රට එරෙහිව සාක්ෂි දෙති

Shiran Viraj
Translate »