2026-08-14
mediahumanrights.lk
Local NewsNews

ශ‍්‍රී ලන්කන් තෙල් රටකට…

ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යාම මැදපෙරසිග රටකට ලබා දීමට රජයේ අවධානය යොමුවී තිබේ.

රජයේ අදහස වී ඇත්තේ ගුවන් සේවය පවත්වාගෙන යාමට වැඩි වශයෙන් ඉන්ධන අවශ්‍ය කරන නිසා ඉන්ධන නිපදවන රට සමාගම ලබා දුන්නොත් ඉතා පහසුවෙන් පවත්වාගෙන යාමට හැකිවනු ඇති බවයි.

දැනට සමාගම පවත්වාගෙන යන්නේ ඒ රුපියල් කෝටි 31,000 ඉක්මවූ ණය ප‍්‍රමාණයක් සහිතවයි.

මෙය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක පවතින නිසා ප්‍රතිව්‍යුහගත කිරීම රජයේ අදහස වී ඇත.

එම කටයුත්ත ඉක්මනින් අවසන් කළ යුතුව ඇතැයි විෂය භාර ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා ද සඳහන් කරයි.

Related posts

හඳුනාගත් වැරදි 33ක් සඳහා නව ස්ථානීය දඩ නියම කරයි

Shiran Viraj

අම්මා විදියට මගේ පුතා නාස්ති වෙනවා දකිනවට වඩා මම මැරෙන්න කැමතියි – පියුමි හංසමාලි

Shiran Viraj

ලොව හොඳම සංචාරක ගමනාන්තය යන නාමය ශ‍්‍රී ලංකාවට අහිමි වෙයි

Shiran Viraj
Translate »