27.8 C
Colombo
2026-07-15
mediahumanrights.lk
Local NewsNewsPolitical

ජනපති හදිස්සියේ පාර්ලිමේන්තුව කැදවයි

ලබන සිකුරාදා පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව හදිසියේ රැස් කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.
ඒ,  කැලිකසල බැහැර කිරීම ඇතුළු කරුණු කිහිපයකට අදාළ අත්‍යවශ්‍ය සේවා නියෝගයක් ප‍්‍රකාශයට පත්කළ බව පාර්ලිමේන්තුවට දන්වා සිටීම සදහායි.
ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනයද මේ වනවිට ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.
ජනජීවිතයට අත්‍යවශ්‍ය වන්නා වූ සේවාවක් පවත්වාගෙන යාම මහජන යහපත සදහා අවශ්‍ය බවට තීරණය කර ඇති බවයි එහි දැක්වෙන්නේ.
අත්‍යවශ්‍ය සේවාවන් බවට ප‍්‍රකාශ කරන්නා වූ නියෝගයක් මහජන ආරක්‍ෂක ආඥා පනතේ 17 වන වගන්තියේ ප‍්‍රකාරව ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.
අදාළ ප‍්‍රකාශය නිකුත් කරනු ලැබූ දිනයේදී පාර්ලිමේන්තුව දින 10 ක කාලසීමාවක් සදහා කල්තබා ඇති බැවිනුයි මෙලෙස හදිසියේ පාර්ලිමේන්තුව රැස්කිරීමට තීරණය කර ඇත්තේ.
(under the courtesy of nethfm news web)

Related posts

අධික කුලියක් ගෙවූ ගොඩනැගිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉවත් කරන්න යයි

Shiran Viraj

ජවිපෙ ගෙනා 20 සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණය එරෙහිවෙයි – අද පාර්ලිමේන්තුවට දැනුම් දුන් අවසන් තීරණය මෙන්න

Shiran Viraj

ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් 170%ක පොලී අනුපාතයකට ණය දීලා

Shiran Viraj
Translate »