mediahumanrights.lk
Local NewsNews

ආණ්ඩුවට අලි බර වැඩි වෙයි – හදාගන්න දෙන්න සැරසෙයි

පින්නවල අලි අනාථාගාරයේ රඳවා ඇති අලි ඇතුන්ගෙන් යම් ප්‍රමාණයක් සුදුසුකම් සහිත පුද්ගලයන් හෝ පූජ්‍ය ස්ථාන වෙත ලබා දීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා.
මෙම අලි අනාථාගාරයේ අක්කර 30ක් වූ මුළු භූමි ප්‍රමාණය තුළ වර්තමානයේ අලින් 88 දෙනෙකු රඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම සීමිත භූමි ප්‍රමාණය තුළ එම සතුන් 88 දෙනා නඩත්තු කිරීම දුෂ්කර බව සඳහන්.
ඒ අනුව මෙම සතුන්ගෙන් යම් ප්‍රමාණයක් සුදුසුකම් සහිත පුද්ගලයන් හෝ පූජ්‍ය ස්ථාන වෙත ලබා දීමට කැබිනට් මණ්ඩල්‍ය වෙත යොමු කළ යෝජනාවකට අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ අනුව පින්නවල අලි අනාථාගාරයේ හීලෑ අලි ඇතුන්ගෙන් කොටසක් නිශ්චිත කොන්දේසි වලට යටත්ව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන කමිටුවක් මඟින් ‍ සුදුසුකම්ලත් පුද්ගලයන් සහ ආයතන වෙත ලබා දීමටත්, ඒ සඳහා වන විධිවිධාන ඇතුළත් නියෝග නිකුත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින්  තීරණය කර තිබෙනවා.
එසේම ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ කළමනාකරණය කරනු ලබන අලි ඇතුන් සංචිතයක් මඟින් පෙරහැර සඳහා හීලා අලිඇතුන් ලබාදීමත්, හීලෑ අලිඇතුන්ගේ ලියාපදිංචිය විධිමත් කිරීම හා ආරක්ෂාව සැලසීම සඳහා නියෝග නිකුත් කිරීමත් සඳහා වූ නිර්දේශද අනුමත කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

පිළියන්දලදී තුන් ලක්ෂ 80000ක් කොල්ලකාලා

Shiran Viraj

අපේ උපදෙස් අනුව වැඩ කලා නම් කොරෝනා මෙතරම් වැඩි වෙන්නේ නෑ..- ජවිපෙ

Shiran Viraj

ඔන්ලයින් පනතේ බලතල මෙන්න…

Shiran Viraj
Translate »