2026-07-08
mediahumanrights.lk
News

දෙහිවල-වැල්ලවත්ත දුම්රිය මාර්ගය තාවකාලිකව වැසෙයි

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දෙහිවල සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර මාර්ගය ලබන 23 වන දා සිට 27 වන දා දක්වා තාවකාලිකව වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේ එම දුම්රිය ස්ථාන අතර පිහිටා ඇති පැරණි පාළමක් ඉවත් කර නව පාළමක් ඉඳි කිරීම හේතුවෙන් අදාළ පියවර ගත් බවයි.
ඒ අනුව ලබන 23 වන දා රාත්‍රී 10.00යේ සිට ලබන 27 වන දින පෙරවරු 4.00 දක්වා දෙහිවල හා වැල්ලවත්ත අතර දුම්රිය මාර්ගය වසා තබනු  ඇත.
මේ අතර මාතර, ගාල්ල හා අළුත්ගම සිට පැමිණෙන දුම්රියන් දෙහිවල දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන අතර එම ප්‍රදේශ සඳහා ගමන් ආරම්භය දෙහිවල දුම්රිය ස්ථානයෙන් ආරම්භ කෙරෙයි.
එමෙන්ම කොළඹ කොටුවෙන් ආරම්භ වන දුම්රිය වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා පමණක් අදාළ කාල සීමාව තුළ ධාවනය කරනු ලබන බව ද සදහන්.

Related posts

උතුරු කොරියාවට එරෙහි සම්බාධක දැඩි කිරීමට ඇමරිකාව සූදානම් වනවා

Shiran Viraj

චැනල් අයිතිකාරයෙක් එක්ක උදාරිගේ පටලැවිල්ලක්? උදාරි සියල්ල හෙළි කරයි

Shiran Viraj

මීයෙක්‌ සපා කෑවාට සුදු කබර හැදෙනවද?

Shiran Viraj
Translate »