31.1 C
Colombo
2026-10-07
mediahumanrights.lk
Local NewsNewsPolitical

වාරිමාර්ග ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

වාරිමාර්ග ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
 
ඊයේ(26) පස්වරුවේ මහවැලි අධිකාරි ශ්‍රවණාගාරයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
 
මහවැලි සංවර්ධන අමාත්‍යාංශය යටතේ දැනට ක්‍රියාත්මක සහ ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට නියමිත වාරි ව්‍යාපෘති පිළිබඳ මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වී තිබේ.
 
කාලගුණික විපර්යාස සහ පසුගිය වර්ෂවල වර්ෂාපතනය ලැබීම පිළිබඳව නිසි අධ්‍යයනයක් සිදු කරමින් වාරි ව්‍යාපෘතිවල ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අදාළ තීන්දු තීරණ ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
 
නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න සහ දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන් සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියේය.

(under the courtesy of adaderana news web)

Related posts

බ්‍රිතාන්‍යයෙන් කොටින්ට තල්ලුවක් – කොටි තහනම ඉවත් කරයි

Shiran Viraj

රනිල්ට කැඳවීමක්

Shiran Viraj

මහනුවර හෝටලයක පිහිනුම් තටාකයේ ගිලී පුද්ගලයෙක් මරුට

Shiran Viraj
Translate »