mediahumanrights.lk
Local News News Political

ඛණිජ තෙල් සාකච්ඡාව උණුසුම් – සේවකයෝ ජනපතිගෙන් ලිඛිත පොරොන්දුවක් ඉල්ලයි

ඛණිජ තෙල් සංස්ථා සේවකයින් නියෝජනය කරන වෘත්තීය සමිති ආරම්භ කර ඇති වර්ජනය අවසන් කිරීම සඳහා විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි පැවැත්වූ සාකච්ඡාවේදී අමාත්‍යවරයා දුන් පොරොන්දුවලින් වෘත්තීය සමිති සෑහීමකට පත් නොවූ බවයි වාර්තා වෙන්නේ.
ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ රාජකරුණා නෙත් නිවුස් වෙත සඳහන් කළේ ගැටලුවලට විසඳුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ලිඛිත පොරොන්දුවක් අවශ්‍ය බවයි.
ඒ අනුව විෂයභාර අමාත්‍යවරයා මේ වන විට අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග දුරකතනය ඔස්සේ සාකච්ඡා සිදු කරමින් ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

මුස්ලිම් නීතිය එපා නම් බුද්ධාගමට විශේෂ තැන නීතියෙන් ඉවත් කළ යුතුයි..- කාති උසාවි මණ්ඩලය

Shiran Viraj

ගිං ගඟත් අවධානම් – බැම්ම රැක ගන්න පාලමක් කඩා ඉවත් කරන්න තීරණය කරයි

Shiran Viraj

ඉඩම් මුදලාලිගේ රට ගනුදෙනු ගැන පොලිසිය ඉව අල්ලයි

Shiran Viraj