27.8 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNews

බන්ධනාගාර සිද්ධිය-වාර්තාව ලබන සතියේ බාරදෙයි

කළුතර ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත් කළ කමිටුව සිය වාර්තාව ලබන සතියේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වෙත බාරදීමට නියමිතය.
එම කමිටුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ වාර්තාව මේ වන විට සකස් කර අවසන් බවයි.
එය හෙට(24) දිනයේ මුද්‍රණය කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව ලබන බදාදා හෝ සිකුරාදා දින එම වාර්තාව  පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වෙත බාරදීමට නියමිතය.
පසුගිය පෙබරවාරි මස 27 වන දින පෙරවරුවේ බන්ධනාගාර බස් රථයකට එල්ල වු වෙඩි ප්‍රහාරයකින් අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන සමයං ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු ඝාතනයට ලක් වුණි.
එම වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමට පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින් රූමි මර්ෂුක් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය.
එම කමිටුව විසින් සිදුකළ විමර්ශන වලින් අනතුරුව අදාළ සිද්ධිය පිලිබද මූලික වාර්තාවක් සකස් කර ඇති අතර ඉදිරියේ දී එවන් සිදුවීමක් වළක්වා ගැනීම සඳහා නිර්දේශ ද එම වාර්තාවට ඇතුළත් කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

මහින්දගේ ආරක්ෂාව ගැන සාගලගෙන් පිළිතුරක්

Shiran Viraj

ඉන්දීය රුපියල් ලංකාවේ භාවිතයට සූදානම්..- විදේශ ඇමති ඉන්දියාවට කියයි…

Shiran Viraj

කොරෝනා අවදානම ඉහළයි – වායුසමීකරණය කළ කාමර වල ගැවසීම සීමා කරන්න යැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

Shiran Viraj
Translate »