mediahumanrights.lk
Local News News

විරෝධතාකරුවන් බලශක්ති ලේකම් හිර කරති…

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයන් පිරිසක් විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ඔහුගේ මෝටර් රථය තුළ සිරකරන ලදී.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවක පිරිසක් කොල්ලුපිටියේ පිහිටි අමාත්‍යාංශ පරිශ‍්‍රයට පැමිණ මෙසේ විරෝධතාවය දැක්වූහ.

තෙග් සංස්ථාවේ පිරවුම්හල් පෞද්ගලික අංශයට පවරන බවට අමාත්‍ය කංචන විජේසේකර සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාව දැනගැනීමට විරෝධතාකරුවන් එහි පැමිණ ඇත.

කෙසේ වෙතත් අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී ඇත්තේ කැබිනට් රහස් හෙලි කිරීමට නොහැකි බවය.

එම ප‍්‍රකාශයත් සමග විරෝධතාකරුවන් අමාත්‍යාංශ ලේකම්වරයාට ඉන් බැහැරවීමට නොහැකි වන ලෙස වාහනය වට කරමින් විරෝධතාවයේ යෙදුනහ.

Related posts

තානාපති සේවයට තව පිරිස් ඉක්මනින් පත් කරන්න ඔ්නෑ..

Shiran Viraj

වත්කම් බැරකම් නීතිය සංශෝධන කෙරේ.. අලුතින් ඇතුලත් කණ්ඩ මෙන්න…

Shiran Viraj

මිල අධික මුහුදු මසුන් බෝකිරීමේ අභිජනන මධ්‍යස්ථානයක් ඉදිකරයි

Shiran Viraj