32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
NewsPolitical

අගමැති චීනයෙන් උදවු ඉල්ලයි..

ආර්ථික හා සමාජීය සංවර්ධනයේ ස්ථාවරත්වය සඳහා චීනයේ සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ (22) පැවති දුරකථන සංවාදයකදී චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් (Li Keqiang) මහතා සහතික විය.

“ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග පිළිබඳව චීනයට අවබෝධයක් ඇති බවත් ශ්‍රී ලංකා ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා අප උපරිමයෙන් කටයුතු කරන බවත්” චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පැවසීය.

ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින හදිසි මූල්‍ය ගැටලු කිහිපයක් විසඳීමට චීනය ශ්‍රී ලංකා රජය සමඟ එක්ව කටයුතු කරන බවට ද චීන අග්‍රාමාත්‍යවරයා මෙහි දී සහතික විය.

නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව කඩිනමින් සාකච්ඡා පැවැත්වීම, මෙරට වෙළඳ හිඟය අවම කිරීම සහ ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් චීන සංචාරකයින්  ආකර්ෂණය කිරීම සම්බන්ධයෙන් ද දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර පැවති මෙම දුරකථන සංවාදයේදී සාකච්ඡාවට ලක්විය.

“දෙරට අතර මිත්‍රත්වය අඛණ්ඩව පවත්වාගෙන යමින් පවතින සබඳතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉදිරියටත් අපි එක්ව වැඩ කරනවා” යැයි චීන අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

“මේ මොහොතේ ඔබ මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව අපට හැඟීමක් තිබෙනවා. එම දුෂ්කරතා මගහැරීම වෙනුවෙන්ද අපි එක්ව කටුයතු කරන්නෙමු”යැයි චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් මහතා  මෙහිදී කියා  සිටියේය.

චීන රජය විසින් මෑතකදී ප්‍රකාශයට පත්කළ මෙරට වෙනුවෙන් පිරිනමන මානුෂීය ආධාර සහ අඛණ්ඩ සහයෝගීතාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී චීන රජයට සිය ස්තූතිය පුද කළේය.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

Related posts

අපට වැදගත් වන්නේ මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව පමණයි.. ඉදිරියේදී තනිව අරගල කරනවා..- හකීම් විදෙස් මාධ්‍යට කියයි..

Shiran Viraj

බිරිඳ ඝාතනය කළ ලාංකිකයකුට කැනඩාවෙන් ලැබුනු දඬුවම

Shiran Viraj

පුටින් සමග සහයෝගයෙන් වැඩකිරීමට ට්‍රම්ප් සූදානම්

Shiran Viraj
Translate »