2026-01-12
mediahumanrights.lk
Local NewsNews

ජනතාවගේ පහසුවට අතිරේක බස් සූදානම්

අද දිනයේ ධාවනයට එක් කෙරෙන පෞද්ගලික බස් රථ ප‍්‍රමාණය අඩුවනු ඇතැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ පිළිබද අදහස් දක්වන එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ සමස්ත බස්රථවලින් සියයට 10 ක් වැනි ප්‍රමාණයක් අද දිනයේදී ධාවනය සිදු වෙන බවයි. කෙසේවෙතත් අධිවේගී මාර්ග සහ දුර ගමන් බස් රථ සේවා සැපයීමට පෞද්ගලික බස් රථද සූදානම් කර ඇති බවත් සඳහන් කළා.
අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගි ජනතාව වෙනුවෙන් අතිරේක බස් රථ යෙදවීමට ශී‍්‍ර ලංකා ගමනා ගමන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. එහි සභාපති රමාල් සිරිවර්ධන සඳහන් කළේ අප්‍රේල් 06 වැනිදා ආරම්භ කළ විශේෂ බස් රථ සේවා සැලැස්ම ඒ ආකාරයටම සිදු කෙරෙන බවයි.
අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාව යළි කොළඹට රැගෙන ඒම සදහා ලබන 16 වැනිදා සිට ලංගම බස්රථ යොදවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
(under the courtesy of nethfm news web)

Related posts

ශ‍්‍රී ලංකාව අධි උද්ධමන කලාපයට ඇතුළු වුණා..- Bloomberg ලෝකයම දැනුවත් කරයි…

Shiran Viraj

සිපෙට්කෝ පොකුරක් ඇතිකර රටම අඩපණ කරන්න සැලසුමක්..

Shiran Viraj

ශ‍්‍රී ලංකාවෙන් පිටව යාම විශාල ලෙස ඉහලට.. කටුනායක පිටවිමේ පර්යන්තයේ දැඩි තදබද…

Shiran Viraj
Translate »