2026-09-25
mediahumanrights.lk
Local NewsNews

ජනතාවගේ පහසුවට අතිරේක බස් සූදානම්

අද දිනයේ ධාවනයට එක් කෙරෙන පෞද්ගලික බස් රථ ප‍්‍රමාණය අඩුවනු ඇතැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ පිළිබද අදහස් දක්වන එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ සමස්ත බස්රථවලින් සියයට 10 ක් වැනි ප්‍රමාණයක් අද දිනයේදී ධාවනය සිදු වෙන බවයි. කෙසේවෙතත් අධිවේගී මාර්ග සහ දුර ගමන් බස් රථ සේවා සැපයීමට පෞද්ගලික බස් රථද සූදානම් කර ඇති බවත් සඳහන් කළා.
අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගි ජනතාව වෙනුවෙන් අතිරේක බස් රථ යෙදවීමට ශී‍්‍ර ලංකා ගමනා ගමන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. එහි සභාපති රමාල් සිරිවර්ධන සඳහන් කළේ අප්‍රේල් 06 වැනිදා ආරම්භ කළ විශේෂ බස් රථ සේවා සැලැස්ම ඒ ආකාරයටම සිදු කෙරෙන බවයි.
අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාව යළි කොළඹට රැගෙන ඒම සදහා ලබන 16 වැනිදා සිට ලංගම බස්රථ යොදවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
(under the courtesy of nethfm news web)

Related posts

හිටපු හමුදාපතිට අමෙරිකාව එල්ලකරන යුද අපරාධ චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි!

Shiran Viraj

තමාට එරෙහි විශ්වාසභංගයකට සම්බන්ධනුත් සුදානමින්

Shiran Viraj

මුහුණ ආවරණ මිලියන 200ක ඇණවුමක්. මෙරට අපනයන ක්ෂේත්‍රය සවිබල ගන්වමින් බ්‍රැන්ඩික්ස් වෙතින් ප්‍රථම අපනයනය එක්සත් ජනපදයට

Shiran Viraj
Translate »