mediahumanrights.lk
Local News News

මැඩිල්ලේ හිමි අලි සබ්රිගෙන් සමාව ගනී.. මතු කිසිදා අපහාස නොකරන බවට උසාවියේදී පොරොන්දු වේ…

අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට අපකීර්තියක් හා අපහාසයක් වන අන්දමේ කිසිදු ප්‍රකාශයක් මින් ඉදිරියට නොකරන බව සිංහලේ සංවිධානයේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි කොළඹ දිසා අධිකරණය හමුවේ දී ප්‍රකාශයක් කරමින් පොරොන්දු වූහ.

අපකීර්ති දායක ප්‍රකාශ කරමින් හා එම ප්‍රකාශ සමාජ මාධ්‍ය ජාලාවල පළකරමින් සිය කීර්තිනාමයට හානි කළේ යැයි අධිකරණ ඇමැතිවරයා ගොනුකළ වන්දි නඩුවක් සමථයට පත් කරමින් පඤ්ඤාලෝක හිමියෝ එසේ පැවසූහ.

අධිකරණ ඇමැතිවරයා හා පඤ්ඤාලෝක හිමියන් අතර ඇතිකරගත් සමථ කොන්දේසී ප්‍රකාරව මේ ප්‍රකාශය කළහ.

sabry කිරීම තහනමට ලක් කරමින් සිදුකර ඇති අපහාසයට රුපියල් කෝටි 150 ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා අධිකරණ ඇමැතිවරයා විසින් මේ නඩුව පසුගිය වසරේ මැයි 27 වැනි දින ගොනු කරන ලදි .වගඋත්තරකාර හිමියන් විසින් youtube ,ෆේස්බුක් හා සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සිදුකරන අපහාසය තහනම් කරන ලෙසත් සිදුකර ඇති අපහාසයට වන්දි අය කර දෙන ලෙසත් පැමිණිල්ල මඟින් ඉල්ලා තිබිණි.

කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා ඉදිරියේ ඊයේ දින නඩුව කැඳවූ අතර දෙපාර්ශ්වය අතර ඇති කරගත් සමතයක් ප්‍රකාරව නඩුව අවසන් කරන බව නීතීඥවරුන් අධිකරණයට දන්වා සිටියේය.

– රෝෂන් තුෂාර

Related posts

ගෑස්-කිරිපිටි ගේන්න ඩොලර් හිගයි…

Shiran Viraj

අලුත් ඇමතිලාට උපදේශකලා තොගයක් බෑ… එක් උපදේශකයෙකු පමණයි..

Shiran Viraj

ආසාදිතයන් වැඩියෙන් හමුවේ.. තවත් ප‍්‍රදේශ දෙකක් ලොක්ඩවුන්..

Shiran Viraj