32.6 C
Colombo
2026-10-12
mediahumanrights.lk
Local NewsNews

මැඩිල්ලේ හිමි අලි සබ්රිගෙන් සමාව ගනී.. මතු කිසිදා අපහාස නොකරන බවට උසාවියේදී පොරොන්දු වේ…

අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට අපකීර්තියක් හා අපහාසයක් වන අන්දමේ කිසිදු ප්‍රකාශයක් මින් ඉදිරියට නොකරන බව සිංහලේ සංවිධානයේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි කොළඹ දිසා අධිකරණය හමුවේ දී ප්‍රකාශයක් කරමින් පොරොන්දු වූහ.

අපකීර්ති දායක ප්‍රකාශ කරමින් හා එම ප්‍රකාශ සමාජ මාධ්‍ය ජාලාවල පළකරමින් සිය කීර්තිනාමයට හානි කළේ යැයි අධිකරණ ඇමැතිවරයා ගොනුකළ වන්දි නඩුවක් සමථයට පත් කරමින් පඤ්ඤාලෝක හිමියෝ එසේ පැවසූහ.

අධිකරණ ඇමැතිවරයා හා පඤ්ඤාලෝක හිමියන් අතර ඇතිකරගත් සමථ කොන්දේසී ප්‍රකාරව මේ ප්‍රකාශය කළහ.

sabry කිරීම තහනමට ලක් කරමින් සිදුකර ඇති අපහාසයට රුපියල් කෝටි 150 ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා අධිකරණ ඇමැතිවරයා විසින් මේ නඩුව පසුගිය වසරේ මැයි 27 වැනි දින ගොනු කරන ලදි .වගඋත්තරකාර හිමියන් විසින් youtube ,ෆේස්බුක් හා සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සිදුකරන අපහාසය තහනම් කරන ලෙසත් සිදුකර ඇති අපහාසයට වන්දි අය කර දෙන ලෙසත් පැමිණිල්ල මඟින් ඉල්ලා තිබිණි.

කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා ඉදිරියේ ඊයේ දින නඩුව කැඳවූ අතර දෙපාර්ශ්වය අතර ඇති කරගත් සමතයක් ප්‍රකාරව නඩුව අවසන් කරන බව නීතීඥවරුන් අධිකරණයට දන්වා සිටියේය.

– රෝෂන් තුෂාර

Related posts

ATM කාඩ්පත් හිමියන් ප්‍රවේශම්වන්න! බැංකුවලින් අවවාදයක්!

Shiran Viraj

අසනීප වූ ලාංකික සේවකයා මිලියන 15ක් වියදම් කොට පෞද්ගලික ගුවන් යානයකින් මව්රටට එවූ සෞදි හාම්පුතා (PHOTOS)

Shiran Viraj

රුපියලේ වටිනාකම නැත්තටම නැතිවන්න ආසන්න තත්වයක්…

Shiran Viraj
Translate »