mediahumanrights.lk
Local NewsNews

පාඩු ලබන ප‍්‍රධාන පෙලේ ආයතනයක ලොක්කන් අටක පඩිය කෝටි 11යි..

මේ දිනවල ආන්දෝලනයට ලක්ව ඇති රජයේ ආයතනයක සභාපතිවරයා ඇතුළු ප්‍රධාන නිලධාරීන් අට දෙනෙකු වසරක වැටුප් සහ දීමනා ලෙස රුපියල් කෝටි 11කට අධික මුදලක් ලබා ගනිමින් සිටින බව වාර්තා වෙයි.

එම ආයතනය නිකුත් කරනු ලබන පාරිභෝගික භාණ්ඩයෙන් බරපතළ ලෙසින් පාඩු ලබන බැවින් මිල ඉහළ දමන ලෙස දැඩි බලපෑම මෑතකදී මෙම ආයතනයන් සිදුකර ඇත.

ආයතනයේ සභාපතිවරයාගේ මාසික වැටුප හා දීමනා රුපියල් ලක්ෂ 13 ක් පමණ වෙයි.

එහි තවත් නිලධාරීන් අට දෙනකු මාසික වැටුප් හා දීමනා වශයෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා ගන්නා බවද සඳහන්ය.

මෙම ආයතනය රජයේ විගණනයෙන් ඉවත් කර ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට ද නීතීඥ සමාගමකට රුපියල් මිලියන 10 ක් ගෙවා තිබේ.

Related posts

ගංගා 09ක් ගංවතුර මට්ටමේ…

Shiran Viraj

තරගය දින්නත් ශ්‍රී ලංකා නායකයා අසතුටෙන්

Shiran Viraj

අරක්කු දුම්වැටි මිල ඉහලට.. නව මිල ගණන් මෙන්න…

Shiran Viraj
Translate »