27.8 C
Colombo
2026-08-06
mediahumanrights.lk
Local NewsNews

නවතා තිබූ රියේ තවත් රියක් ගැටී මාධ්‍යවේදියාත් දෙහැවිරිදි පුතාත් රෝහලේ

අනුරාධපුර අධිකරණ වාර්තතාකරු උපාලි ආනන්ද මහතා සහ ඔහුගේ දෙහැවිරිදි පුතු ගමන් කළ මෝටර් රථය නතර කර තිබියදී තවත් මෝටර් රථයක් එහි ගැටීමෙන් තුවාල ලැබූ ඔවුන් දෙදෙනා මහව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කළ බව මහව පොලිසිය කියයි.

මහව බලල්ල ප්‍රදේශයේදී පෙරේදා (19) සවස 2.00ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
මාධ්‍යවේදී උපාලි ආනන්ද මහතාගේ මෝටර් රථය අනුරාධපුර දෙස සිට පාදෙණිය දෙසට මුහුණලා මාර්ගයේ පසෙක නවතා තිබී ඇති අතර නවතා තිබූ මෝටර් රථයේ වම් පස අසුනේ පුතු තබා වෙළෙඳසලට ගොස් නැවත පැමිණ රියැදුරු අසුනට ගොඩවෙමින් සිටියදී ඉදිරිපසින් පැමිණි මෝටර් රථය උපාලි මහතාගේ මෝටර් රථයේ ඉදිරිපස ගැටී ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී උපාලි මහතාගේ මෝටර් රථය ප්‍රතිවිරුද්ධ දෙසට හැරි ඇති අතර මෝටර් රථයේ දොර විවර වී ඔහු මාර්ගය දෙසට විසි වී තිබේ.

අනතුර සිදුවනවාත් සමගම වම් පස අසුනේ සිටි පුතා අසුනෙන් බිමට වැටී තිබේ. මෙම අනතුරින් උපාලි මහතාගේ මෝටර් රථයට දැඩි අලාභහානි සිදුව ඇත. සිද්ධිය සම්බන්ධව මහව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත හේරත් මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක රත්නායක මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරික්‍ෂණ කරති.

 – සජීවා කෝට්ටගොඩ –

gossiplankanews

Related posts

මාධ්‍යවේදී චන්ද්‍රසිරි දොඩන්ගොඩ මියයයි

Shiran Viraj

යළි ලබාගත නොහැකි අයුරින් බලයක් උතුරු මහඇමති ඉල්ලයි

Shiran Viraj

ගම්පහ දිස්ත්‍රික්කයේ 2000කට අද PCR පරීක්ෂණ සිදුකෙරේ : සෞඛ්‍ය අමාත්‍යාංශ රැස්වීමේදී ගත් තීරණ 06 පහතින්

Shiran Viraj
Translate »