26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

ඔමික්‍රෝන් දැනටත් ලංකාවේ තිබිය හැකියි.. රට වසා දමන්න..- ජොන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ උපදේශක කියයි..

දකුණු අප්‍රිකානු කලාපයෙන් හඳුනාගන්නා ලද කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය දැනටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබිය හැකි බව ජොන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා සඳහන් කරයි.

එසේ වුවහොත් ලංකාව ඉතා බරපතල අනතුරක බවද ඒ මහතා අනතුරු අගවයි.

පසුගිය දින දාහතරක් තිස්සේ තුළ මෙරටට පැමිණ අය පරීක්ෂාවට ලක් කිරීමෙන් ඵලක් නැති බවත් අවම වශයෙන් මාසෙකට වත් පෙර පැමිණි අය නිරෝදායනයට ලක් කර පරීක්ෂාවට ලක් කළ යුතු බව ද ඔහු කියා සිටියි.

වෛරස ප‍්‍රභේදයෙන් බේරීම සඳහා අප්‍රිකානු කලාපයට පමණක් රට වසා දැමීමේ තේරුමක් නැතැයි ද ඔහු පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

Related posts

ආයුර්වේද රෝහල්වලට අසාධ්‍ය රෝගීන් බාරගන්නේ නෑ.. අසාධ්‍ය වුනොත් වෙන රෝහල්වලට යවනවා..- ආයුර්වේද කොමසාරිස්..

Shiran Viraj

සයිටම් ගැන රජයේ ස්ථාවරය අද කැබිනට් මණ්ඩලයට

Shiran Viraj

ගංවතුරෙන් හානියට පත් නිවාස කඩිනමින් යථා තත්වයට පත් කරනවා – එරාන් වික‍්‍රමරත්න කියයි

Shiran Viraj
Translate »