27.8 C
Colombo
2026-07-06
mediahumanrights.lk
Local NewsNews

ආයුර්වේද රෝහල්වලට අසාධ්‍ය රෝගීන් බාරගන්නේ නෑ.. අසාධ්‍ය වුනොත් වෙන රෝහල්වලට යවනවා..- ආයුර්වේද කොමසාරිස්..

කොරෝනා ආසාදිත ව මෙරට ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් කිසිවෙකු මිය නොගිය බව පැවසීම සාධාරණ නැතැයි ආයුර්වේද කොමසාරිස් ධම්මික අභයගුණවර්ධන මහතා සඳහන් කරයි.

ආයුර්වේද රෝහල ප‍්‍රතිකාර ලබන රෝගීන් අසාධ්‍ය වුවොත් වෙනත් රෝහලට මාරුකර යවන බවත් ඒ මහතා පැවසීය.

එම අර්ථයෙන් ආයුර්වේද රෝහල්වලදී ආසාදිතයන් කිසිවෙකු මිය නොගිය බව සත්‍ය නමුත් එකී ප්‍රකාශයෙන් තවත් පිරිසකට සිත් රිදවීම් ඇති විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර සඳහා අසාධ්‍ය රෝගීන් බාර නොගන්නා බවත් සාමාන්‍ය සංකූලතා සහිත සුව කල හැකි රෝගීන් පමණක් භාර ගන්නා බව ඒ මහතා කියා සිටී.

කළමනාකරණය කළ හැකි රෝගීන් පමණක් භාරගන්නා විට මිය යාම ඉතාම අල්ප යයිද ඔහු තවදුරටත් සඳහන් කළේය.

Related posts

කිඹුලාවල ඇවිදින මංතීරුවට කිඹුලන් පැමිණීමේ අවදානමක්: අවට පදිංචිකරුවෝ බියෙන්

Shiran Viraj

රජයේ සේවක පඩි ගෙවන්න වසරකට බිලියන 1200ක්… සෙසු සියල්ලටම ඉතිරි බිලියන 200යි..

Shiran Viraj

අද සිදු වූ කැබිනට් සංශෝධනයේ කිසිඳු එජනිස අමාත්‍යවරයෙක් නෑ – හේතුව මෙන්න

Shiran Viraj
Translate »