2026-08-14
mediahumanrights.lk
Local NewsNews

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඇමති නාමල් විවෘත කරයි…

දොම්පේ රෝහලට අනුබද්ධව උලහිටිවල ප්‍රදේශයේ ඉදි කළ අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ  සුරතින් විවෘත විය.

ඒ සඳහා යොදාගත්  ගොඩනැගිල්ල ව්‍යාපාරික  එම්.එම්.ඒ.ස්මයිල් මහතා විසින් නොමිලේ ලබා දෙන ලදි.

ඒ අනුව කොවිඩ් වසංගත තත්ත්වයට සාර්ථකව මුහුණදීම සඳහා රට පුරා ස්ථාපිත කරනු ලබන අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස උලහිටිවල මධ්‍යස්ථානය අද  පටන් ක්‍රියාත්මක වනු ඇත.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එහිදී මෙසේ පැවසීය.

කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට හැකි සියලුම පියවර අපි ආණ්ඩුවක් විධියට  ගන්නවා.

ඒ වගේම එන්නත්කරණය මේ වන විට ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.

ගම්පහ, කොළඹ, කළුතර දිස්ත්‍රික්කවලට අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශ නිර්දේශ පරිදි මේ සතියේ තවත් එන්නත් ප්‍රමාණයක් ලබා දෙනවා.

ඒ වගේම ඉදිරි එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීමට වැඩකටයුතු සැළසුම්කරලා තිබෙනවා.

අපේ ඉලක්කය දකුණු ආසියාවේ රටවල් අතරින් ඉතාමත් කඩිනමින් එන්නත්කරණය කළ  රට බවට අපේ රට පත් කරවීම.

ඒ හරහා ආර්ථික කටයුතු සඳහා රට විවෘත කළ හැකි පරිසරය නිර්මාණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන හරහා රෝගීන්ව තමන්ගේ දිස්ත්‍රික්කය තුළ රදවා ගනිමින් ප්‍රතිකාර කිරීම අපේ අරමුණ.

මෙවැනි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම, හැකිනම් සෑම ආසනයකම විවෘත කරන්න අපි කටයුතු කරනවා.

මෙම කටයුත්ත සඳහා රජයට ශක්තියක් වෙමින්  ඉදිරියට පැමිණෙන සියලු ධානපතියන් හට මා විශේෂ ස්තුතියක් පුද කරනවා.

අද දින විවෘත කළ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා පෞද්ගලික පාසල් ගොඩනැගිල්ලක් ලබා දුන් ස්මයිල් මහතාට ස්තූතිවන්ත වෙනවා. එතුමා වගේ ඉදිරියට පැමිණ උපකාර කරන අයට අපි හදවතින් ස්තූතිවන්ත වෙනවා.

මෙම අවස්ථාවට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක, හිටපු පළාත් සභා මන්ත්‍රී ගුණසිරි ජයනාත්, දොම්පේ ප්‍රාදේශීය සභා සභාපති පියසේන කාරියප්පෙරුම මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය,
තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය

Related posts

ආණ්ඩුවට 113 නැති කරමින් විශ්වාස භංගයක්.. අන්තර්වාර රජයක්.. මහ මැතිවරණයක්…

Shiran Viraj

ඊයේ ජ’පුර කලා පිඨයේ පෙරටුගාමී ඔළු පලලා 2024 තඹුත්තේගම විප්ලවය අරඹුවා…

Shiran Viraj

නවතා ඇති වාහනවල ඉන්ධන සොරකම් කරයි..

Shiran Viraj
Translate »