27.8 C
Colombo
2026-07-06
mediahumanrights.lk
Local NewsNews

යාපනයේ දිළිඳු පවුල් වෙනුවෙන් යුද හමුදාවෙන් ස්ථීර නිවාස 770ක්…

යුද්දය අවසන් වීමෙන් පසුව නැවත පදිංචියට ගොස්  විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන උතුරේ සිවිල් ජනතාව වෙනුවෙන් රජයේ මුදල් වැය නොකර යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ධානපතීන්ගේ මුදල් පරිත්‍යාගයන් ඇතිව ඉදිකරන ලද 770 වැනි නව නිවස යාපනය උරුම්පිරායි ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගවෙන තවත් පවුලක් වෙනුවෙන් භාරදෙනු ලැබීය.

මෙම නව නිවස ඉදිකිරීම සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 51 පාබල සේනාංකයේ, 511 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 15 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් ඒ.ඩී.එස්.ඩී. අතුකෝරල මහතාගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස්වල තාක්ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ඉදිකරන ලදි.

නව නිවස හිමි උරුම්පිරායි ප්‍රදේශයේ පදිංචි සන්දීපා විමලාකරන් මහතාගේ පවුලේ, අධ්‍යාපන කටයුතු සඳහා දක්ෂ ඇති දරුවන් තිදෙනෙකු සිටින බවත් ඔවුන්ගේ පියාද කලක සිට රෝගාතුරව සිටින අතර සෞඛ්‍ය සංකූලතා කිහිපයක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත් යුදහමුදාවට තොරතුරු අනාවරනය වීමෙන් අනතුරුව මෙම පවුලට නවස නිවසක් ඉදිකර දීමට අයුදහමුදාව විසින් පියවර ගන්නා ලදි.

යුද්දයෙන් පසුව යාපනය දිස්ත්‍රීක්කයේ පදිංචිව සිටින ජනතාවට රජයෙන් ලබාදෙන නිවසා වැඩසටහනට අමතරව යුදහමුදාව විසින් වෙනම නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරමින් සිටින අතරම එම ව්‍යාපෘතියට අනුව මෙම නිවස ඉදිකිරීම සිදුවිය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

කැළණි ගං ජලය අවදානමට හෙලූ කර්මාන්තශාලා වලට එරෙහිව පියවර

Shiran Viraj

අලිගැටපේර, ඔලිව්තෙල්වල අඩංගු ශාක තෙල් ආයු කාලය දීර්ඝ කරන බව හෙළිවේ

Shiran Viraj

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශී‍්‍ර ලංකා සංචාරය අවලංගු කෙරේ

Shiran Viraj
Translate »