mediahumanrights.lk
Local News News

එන ඡන්දෙන් පැරදිලා ගෙදර යන්න වෙයි… ආණ්ඩුවට ගෑවුණු අයෙකුටවත් ජනතාව ඉදිරියට යන්නවත් බැරිවෙයි..- මැදගොඩ හිමි..

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ආයෝජනයේ නාමයෙන් හෝ ඉන්දියාවට නොදිය යුතු බව පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියෝ පවසති.

අද අයෝජනය යයි කියාගෙන එන්නේ විකිණීමට කියන තවත් නමකින් බවද උන් වහන්සේ පැවසූහ.

එකී ආයෝජනයට යෝජිත ඉන්දීය අදානි සමාගම ඉන්දියාවේ මුම්බායි වරායද වැට්ටවූ සමාගමක් යයිද එහිමියෝ කියා සිටිති.

අද ඩොලර් කාක්කන් පිරිසක් ජනාධිපති වටලාගෙන සිටින බවත් ජනාධිපතිගේ ගෞරවය නැති කරන බවත් උන් වහන්මේ පැවසූහ.

මෙම ඩොලර් කාක්කන් නිසා එන ඡුන්දෙන් පැරදිලා ගෙදර යන්න පමණක් නොව ආණ්ඩුවට ගෑවුණු අයෙකුටවත් ජනතාව ඉදිරියට ගොස් ඡුන්දයක් ඉල්ලන්න බැරි වනු ඇතැයිද උන් වහන්සේ කීහ.

මාධ්‍ය හමුවක් අමතමින් එහිමියෝ මෙම අදහස් පල කලහ.

Related posts

තවත් බදු කිහිපයක් අඩු වන ලකුණු

Shiran Viraj

පෝලිමේ ගිහිං ගිනි ගානට ගන්න තෙල් ඉතුරු කරන විදිහ.. ජනපතිගේ ජාතිය ඇමතීම හර්ෂගෙන් ප‍්‍රතිචාර..

Shiran Viraj

පාර්ලිමේන්තුව ගහ මරා ගන්න තැනක් වෙලා – සුනිල් හදුන්නෙත්ති

Shiran Viraj