2026-07-03
mediahumanrights.lk
Local NewsNews

කළුතර සමූල ඝාතක පාතාලයෝ රටින් පනින්න ආසන්නයි..

කළුතරදී බන්ධනාගාර බසයකට වෙඩි තබා සමයං ඇතුළු රැදවියන් පහක් හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් මරා දැමු පාතාල සාමාජිකයින් රටින් පැන යාමේ උත්සාහයක් දරමින් සිටින බව පොලිසිය පවසයි.
අද කොලඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා කියා සිටියේ අදාල ප‍්‍රහාරයේ සියළු සැකකරුවන් මේ වන විට හදුනාගෙන ඇති බවයි.
මෙම සැකකරුවන්ගෙන් කිහිප දෙනෙකු ව්‍යාජ ගමන් බලපත් මගින් රටින් පැන යාමේ සූදානමක් ඇතියිද පවසන ඔහු ඔවුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් සදහන් කලේය.
මෙම පිරිස් රටින් පැන යාම වැලැක්වීම සදහා කටුනායක හා මත්තල ගුවන් තොටුපලවල් වෙත සියළු විධිවිධාන තරකර ඇති බවද ඔහු වැඩි දුරටත් කීය.

Related posts

රෝහින්ග්‍යා සරණාගත දැරිය දූෂණය කළ "පොලිස් කොස්තාපල්" ගල්කිස්සේ ගැටුමෙන් මතු වූ හැටි

Shiran Viraj

ඇෆ්ගනිස්තානයෙන් එන්න ලාංකිකයන් පිරිසක් බෑ කියති.. තලේබාන්ලා යටතේ ඉන්න බව දන්වති..

Shiran Viraj

විමල් අධිකරණයට අපහාස කරනවාලු

Shiran Viraj
Translate »