26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

පළමු ගුවන් යානය පැමිණෙයි – කටුනායක යළි ලොවටම විවෘත වෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ධාවන පථය නැවත ප්‍රතිසංවර්ධනය කර  ගුවන් මෙහෙයුම් කටයුතු සඳහා මීට සුළු වේලාවකට පෙර යළි එක් කෙරුනා.
අද දහවල් 12.37 ට ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ගොඩ බැස්සවීමෙන් මෙම ධාවන පථයේ මෙහෙයුම් ආරම්භ වුණා.
ඒ අනුව මෙතැන් පටන් දවසේ පැය 24 පුරා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් මෙහෙයුම් සිදු කෙරෙනවා.
මෙම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, අමාත්‍ය අර්ජුන රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියා.
(under the courtesy of nethfm news web)

Related posts

රටම වසා දමයි.. රට පුරාම ඇදරි නීතිය පනවයි..

Shiran Viraj

කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවෙන් ජනපතිට යෝජනාවලියක්

Shiran Viraj

හීලෑ අලි ඇතුන් හිඟයෙන් පෙරහර පැවැත්වීම අර්බුදයක – බස්නායක නිලමේවරු මහ නායකහිමිවරුන් හමුවේ

Shiran Viraj
Translate »