mediahumanrights.lk
Local NewsNews

මට ලක්ෂ 20 කට වඩා වියදම් වුණා – ඖෂධේ හදන එක නවතනවා – ධම්මික

කෑගල්ලේ ධම්මික බණ්ඩාර (ධනපාල කංකානම්ගේ) නමින් කොරෝනා සඳහා කාලි මෑණි අනුහසින් ඖෂධයක් නිර්මාණය කිරීම නිසා ආන්දෝලනයක් ඇති කළ පුද්ගලයා හමුවීමට  එම ප්‍රදේශයට සම්බන්ධ වරකාපොල ප්‍රාදේශිය සභා මන්ත්‍රී පණ්ඩුකාභය රාජකරුණා මහතා ඇතුළු මන්ත්‍රී පිරිසක් ඊයේ ගොස් තිබෙන අතර එම අවස්ථාවේදී ඔවුන් අමතා ධම්මික පවසා ඇත්තේ තමන්ට මේ වැඩෙන් පාඩු බවත් ඖෂධ නිෂ්පාදන කටයුත්තෙන් ඉවත්වන බවත්ය.

ඖෂධය නිෂ්පාදනය කිරීමට තමන්ට පුද්ගලිකව රුපියල් ලක්ෂ 20 ක පමණ මුදලක් වැය වී  ඇති පසුබිමක ඒ සඳහා රජයේ අනුමැතියක් හෝ අඩුතරමින් අනුග්‍රාහකයෙකු පෙනී නොසිටින පසුබිමක දිගටම පාඩු පිට මෙම කටයුත්ත කරගෙන යා නොහැකි බව ඔහු තවදුරටත් පෙන්වාදී තිබේ.

වරකාපොල ප‍්‍රාදේශීය සභා සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් ඇවිටිලි කර ඇත්තේ මෙම සද්කාර්යය රට වෙනුවෙන් ඉටු කළ යුතු බවයි.
එහිදී තමන් ජීවත් වන ගම් ප‍්‍රදේශයේ සියළු දෙනාට ඖෂධය ලබාදීමට කැමති බව ඔහු කියා තිබෙන අතර සාර්ථක ද නැද්ද යන නිසි ලෙස පරීක්ෂා කර රට හමුවේ නිවැරදි පිළිගැනීමක් ලබාදෙන තෙක් රටේ අනෙක් මහජනතාවට ඖෂධය ලබාදීම ඉදිරියේ අත්හිටුවීමට සිදුවනු ඇති බව ඔහු පවසා තිබේ.

gossiplankanews

Related posts

මෛත‍්‍රීගේ යාපන රැළියට ජන ගගක්.. අලුත් ගමනක් ඇරඹූ බව කියයි..

Shiran Viraj

නාමල් සමග 40ක් විපක්‍ෂයකට…?

Shiran Viraj

වාරකන් කාලෙට කොහොමත් සත්තු මැරෙනවා..- තල්මසුන්, ඩොලපින්, කැස්බෑවුන් මියයාම ගැන ගොඩහේවා කියයි…

Shiran Viraj
Translate »