mediahumanrights.lk
Local NewsNewsPolitical

විමල් ජාතික රෝහලේදීත් උපවාසයේ

බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවුණු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ තවදුරටත් ආහාර වර්ජනයේ නිරතවන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත කියා සිටියේ මන්ත්‍රීවරයා තවදුරටත් ජලය පමණක් පානය කරන බවයි.
මේ සම්බන්ධයෙන් ජාතික රෝහලෙන්ද අප කළ විමසීමකදී එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ මන්ත්‍රීවරයා කිසිදු ආහාරයක් නොගන්නා බවයි.
ඊයේ පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ මන්ත්‍රිවරයා වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා යොමුකර තිබෙනවා.
තමාට ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් ඔහු ආරම්භ කළ උපවාසයට අදට දින 9 ක් ගතවනවා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සුවදුක් විමසීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු රැසක්ම ඊයේ පස්වරුවේ කොළඹ ජාතික රෝහල වෙත පැමිණියා.
(under the courtesy of hirunews news web)

Related posts

COVID 19 ආසාදිතයින් තිදෙනෙක් ඊශානදිග චීනයෙන් වාර්තා වෙයි

Shiran Viraj

අලුත් ව්‍යවස්ථාවට ලෙඩක් අදින්න දෙමල සන්ධානය සියලු බලඇණි කැදවයි..

Shiran Viraj

ලක්‍ෂ පහමාරක විදුලිය විසන්ධි කිරීම සාමාන්‍ය තත්වයක්…- ලංවිම

Shiran Viraj
Translate »