30.6 C
Colombo
2026-09-09
mediahumanrights.lk
Local NewsNewsPolitical

විමල් ජාතික රෝහලේදීත් උපවාසයේ

බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවුණු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ තවදුරටත් ආහාර වර්ජනයේ නිරතවන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත කියා සිටියේ මන්ත්‍රීවරයා තවදුරටත් ජලය පමණක් පානය කරන බවයි.
මේ සම්බන්ධයෙන් ජාතික රෝහලෙන්ද අප කළ විමසීමකදී එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ මන්ත්‍රීවරයා කිසිදු ආහාරයක් නොගන්නා බවයි.
ඊයේ පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ මන්ත්‍රිවරයා වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා යොමුකර තිබෙනවා.
තමාට ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් ඔහු ආරම්භ කළ උපවාසයට අදට දින 9 ක් ගතවනවා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සුවදුක් විමසීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු රැසක්ම ඊයේ පස්වරුවේ කොළඹ ජාතික රෝහල වෙත පැමිණියා.
(under the courtesy of hirunews news web)

Related posts

ගාලු කොටුවට ඇතුළු වන දොරටුව වසා දමයි..

Shiran Viraj

ජනපති අද ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව අමතයි

Shiran Viraj

කොරියානු විදේශ ඇමති හෙට දිවයිනට පැමිණෙයි

Shiran Viraj
Translate »