2026-09-25
mediahumanrights.lk
Local NewsNews

රජයේ යෝජනා මාලාවට සයිටම් බලධාරීන් හිස නමයි

උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් හෝ අධිකරණයෙන් ලබා දෙන  ඕනෑම තීරණයක් පිළිගැනීමට තමන් සූදානම් බව මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පාලනාධිකාරිය පවසනවා.
එහි ලේඛකාධිකාරී හුස්නි හුසේන් සඳහන් කළේ විශ්ව විද්‍යාල පනත අනූව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා තම බලධාරියා ලෙස කටයුතු කරන බවයි. සයිටම් ආයතනය සම්බන්ධයෙන් පවතින ආරවුල නිරාකරණය කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉකුත්දා යෝජනා 04ක් ඉදිරිපත් කරනු ලැබුවා.
එම යෝජනා පිලිගන්නේද යන්න සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ලේඛකාධිකාරී හුස්නි හුසේන් මේ බව සඳහන් කළා. වෛද්‍ය උපාධියට අදාළ අවසන් පරීක්‍ෂණය සමත් සයිටම් ශිෂ්‍යයන්ට හෝමාගම සහ අවිස්සාවේල්ල යන රෝහල්වල ශල්‍යකර්ම, වෛද්‍ය විද්‍යාව, නාරිවේදය හා ප‍්‍රසව විද්‍යාව සහ බාලක වෛද්‍ය විද්‍යාව යන විෂයන් යටතේ මාසය බැගින් වැඩිදුර සායනික පුහුණුවක් ලබාදීම පළමු යෝජනාව වනවා.
මෙම පුහුණුවෙන් අනතුරුව ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේ සහ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ ඒකාබද්ධ අධීක්‍ෂණය යටතේ පවත්වනු ලබන පරීක්‍ෂණයකට සයිටම් ශිෂ්‍යයන් මුහුණදිය යුතු බව රජයේ දෙවන යෝජනාවයි.
(under the courtesy of nethfm news web)

Related posts

බස් රථයක් ප‍්‍රපාතයට පෙරලේ.. විශාල පිරිසක් රෝහලේ…

Shiran Viraj

අවුරුදු පහක් ක‍්‍රිකට් තහනම් කලත් කමක් නෑ.. මුල ඉදන්ම හදන්න ඔ්නෑ..

Shiran Viraj

තමාට එරෙහි විශ්වාසභංගයකට සම්බන්ධනුත් සුදානමින්

Shiran Viraj
Translate »