28.4 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNewsPolitical

රට නොබෙදා බලය බෙදීමේ වැඩපිළිවෙලට සියල්ලගේ සහය හිමිව තිබෙනවා

ඒකීය රටක් තුළ රට නොබෙදා බලය බෙදීමේ වැඩපිළිවෙල සඳහා සියලු දෙනාගේ සහයෝගය හිමිව ඇති බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනවර්ග අතර සංහිඳියාව ඇති කිරීම උදෙසා බලය බෙදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බවය.
මරදාන සුදුවැල්ල ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකෙරුණු බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.
ජාතික සංහිඳියාව ඇති කිරීමේදී රට නොබෙදා බලය බෙදන්නේ කෙසේද යන්න කල්පනා කළ යුතු අතරම  ඒකීය භාවය ශක්තිමත් කිරීම සඳහා බලය බෙදාහැර එක් එක් ප්‍රදේශවල සිටින ජනතාවට තමන්ගේ වැඩකටයුතු සිදු කිරීමට හා තමන්ගේ ආගම ඇදහීමට අවස්ථාව ලබා දිය යුතු බව ඔහු පවසයි.
පළාත් සභා බලතල වැඩිකිරීම පිළිබඳ සංශෝධන උතුරේ මහ ඇමැතිවරයා පමණක් නොව දකුණේ මහ ඇමැතිවරුන් ද යෝජනා ඉදිරිපත් කර තිබුනද  ඒ හරහා කිසිවෙකු රට බෙදන්න යැයි  පවසන්නේ නැති බවද ඔහු මෙහිදී අවධාරණය කර තිබේ.
සෑම ජාතියක්ම, සෑම ජනකොටසක්ම එක්සත් වී ඒකීය ශ්‍රී ලංකාවක් හා ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති කළ යුතු බව හා ඒ සඳහා ආගමික සංහිඳියාව පමණක් නොව විවිධ ජන කොටස් අතර තිබෙන ආගමික සංහිඳියාව ද වැදගත් වන බව එම මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
(under the courtesy of adaderana news web)

Related posts

ඩීසල් පෙට්‍රල් පාවිච්චි කරන්නේ ජනතවගෙන් ඉතාම සුළු පිරිසක්…

Shiran Viraj

අනුර කැනඩා යන්න පෙර තානාපති ජවිපෙ මූලස්ථානයට එයි..

Shiran Viraj

සනා ගේ පුටුවේ වාඩිකරවන්න ගුරු ව සූදානම් කරයි

Shiran Viraj
Translate »