mediahumanrights.lk
EntertainmentEntertainment NewsLocal NewsNews

විදුලිසැරවැදී සැමියා මියගොස් දරු දෙදෙනෙකු සමග අසරණ වූ මවට ඩිල්ෂාන් ගෙයක් හදා දෙයි

ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මාතලේ ප්‍රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් නිවසක් තනාදීමේ මහඟු කටයුත්තකට පසුගියදා දායකවුණා.
මාතලේ අගලවත්ත ප‍්‍රදේශයේ පදිංචි නිර්මලා පද්මකුමාරි මැණිකේ නමැති මේ කාන්තාවගේ සැමියා විදුලි සැර වැදීමෙන් මියගොස් තිබුනේ 2016 වසරේදීය. දියණියන් දෙදෙනෙකු සමග තනිවූ ඇය එදිනෙදා වියදම පියවාගන්නට බැරිව අසරණවී තමන් ජීවත්වෙමින් සිටි තාවකාලික නිවස සහ ඉඩම උකස් කර ලක්ෂ පහමාරක් සොයාගෙන වයස අවුරුදු 11 ක් හා අවුරුදු 7 ක් වූ දියණියන් දෙදෙනොට ඉගැන්වීමට හා අඩුවක් නොකර ජීවත්වන්නට අවස්ථාව සලසා දී තිබුණි.
කෙසේ නමුත් ඇය බලාපොරොත්තුවූ ආකාරයට ඒ උකස පියවාගන්නට බැරිව ගිය අතර එය සින්නවීමට ආසන්නවී තිබුනි. එම අවස්ථාවේ ඇය ගැන මාධ්‍ය ප්‍රචාර පළව තිබුණ පසුව මාතර ප්‍රදේශයේ දානපතියෙකු එය බේරාදෙන්නට මුල් විය.
ඒ කාලයේ ඇයගේ අවශ්‍යතාවන් ගැන දැනගත් ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන් ඇයට ලැබුණ ඉඩම තුළ හොඳින් ජිවත්වන්නට නම් නව නිවසක් තනාගැනීම අවශ්‍ය බව තේරුම් ගෙන ඒ වෙනුවෙන් ලක්ෂ 25 ක පමණ ආධාරයක් සිදු කරන්නට පොරොන්දු වුණා.
ඊයේ 19 ඉරිදා යෙදුණ සුබ මොහොතින් නිර්මලා සහ දරුදෙදෙනා එම නිවසේ පදිංචි වෙද්දී ඩිල්ෂාන් බිරිය හා දරුවන්ද එම අවස්ථාවට එක්ව සිටියා. එම අවස්ථාවේ වීඩියෝ පහතින්…
https://www.youtube.com/watch?v=YEAc6k9h3SM
(under the courtesy of gossiplankanews web)

Related posts

කතානායක අද අත්සන තබයි

Shiran Viraj

අලුත්ගම, බේරුවල, ධර්ගා නගයේ කොරෝනා නිසා වසා දැමූ මත්පැන් හල් යලි අරී…

Shiran Viraj

වාහන මිල වේගයෙන් පහල බසී…

Shiran Viraj
Translate »