2026-08-08
mediahumanrights.lk
EntertainmentEntertainment NewsInternational NewsNews

මෙලොවට බිහිවූ රාත්තල් 15 ක යෝධ බබා – Video & Photos

චීනයේ 35 හැවිරිදි මවක් රාත්තල් 15 කට ආසන්න බරක් ඇති යෝධ ළදරුවෙක්‌ බිහිකළ පුවතක් වාර්තාවනවා.
කැන්කැන් (Kang Kang) නමින් හඳුන්වන මෙම ළදරුවාගේ බර රාත්තල් 14.8 ක්‌ බවයි වාර්තාවන්නේ. මෙම දරුවාගේ පියා ඒ පිළිබඳව පුදුම වී ඇතැයිද විදෙස් පුවත් වාර්තා සඳහන් කරනවා.
චීනයේ ඩැක්‌සින් රෝහලේදී සිදු කළ සිසේරියන් සැත්කමකින් මෙම ළදරුවා බිහි වී ඇති බවත් විදේස් වාර්තා සඳහන් කරනවා.
චීනයේ සාමාන්‍ය පිරිමි දරුවෙකුගේ බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 3.32 ක්ද ගැහැණු දරුවෙකුගේ සාමාන්‍ය බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම්  3.21 බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් කිලෝ ග්‍රෑම් 6.7ක් වන මෙම ළදරුවා නිරෝගී තත්ත්වයෙන් පසුවන බවද එම වෙබ් අඩවි සඳහන් කළා.
වීඩියෝව සහ ඡායාරූප පහතින් බලන්න
(under the courtesy of hirunews news web)

Related posts

අධ්‍යාපන ඇමතිගෙන් සියලු පාසල් දරුවන්ට ඉල්ලීමක්

Shiran Viraj

මුහුණේ පැත්තක්‌ පණ නැති වුණොත්

Shiran Viraj

ලෝකය වෛරස් පාලනය කර ඇත්තේ ඇඟට විදින එන්නත් වලින් මිස උගුරට දමන බෙහෙත් වලින් නොවෙයි..- JVP

Shiran Viraj
Translate »