26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

කොළඹ වරායෙන් කොවිඩ් ආසාදිතයින් හමුවේ

තවත් වරාය සේවකයන් 11 කටද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

වරාය බලධාරීන් පැවසුවේ මීට දිනකට පෙර වරාය සේවකයින් සඳහා සිදුකළ PCR පරීක්ෂණ අනුව එම රෝගීන් හමුවී ඇති බවය.

මේ අතර, කොලොන්නාව නගර සභාවේ සේවකයන් තිදෙනෙකුට ද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

ඒ සමග කොලොන්නාව නගර සභා බලප්‍රදේශයෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 86කි.

ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් ප්‍රදේශ කිහිපයකින් ඊයේ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයන් 33 ක් හමුවී ඇතැයි වාර්තා වේ.

ඉන් 06 දෙනෙක් රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අනියුක්ත නිලධාරීන් ය.

මොවුන් සියලුදෙනා පෑලියගොඩ ආශ්‍රිතයන් ලෙස සැළකේ.

මේ අතර, කල්පිටිය මූලික රෝහලේ උපස්ථායකයෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය අංශ පැවසුවේ මොහු පෑලියගොඩ ආශ්‍රිතයෙක් බවය.

ඒ හේතුවෙන් එහි හෙදියක් හා තවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් ව නිරෝධායනයට යොමුකර තිබේ.

කෙසේවෙතත් රෝහලේ කටයුතු සමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ද සෞඛ්‍ය අංශ සඳහන් කළහ.

adaderananews

Related posts

වෘත්තිය සමිති සමාජික මුදල් නතර කරන්නැයි වතු කම්කරුවන් පාලන අධිකාරියෙන් ඉල්ලයි..

Shiran Viraj

කොරෝනා එන්නත වහා ගෙන්වන්නැයි ජනපති දන්වයි.. බලධාරියා ලලිත් වීරතුංග..

Shiran Viraj

මුරුත්තෙට්ටු හිමි නෙරපන්න.. මහා ශිෂ්‍ය සංගමය ජනපතිට දන්වයි..

Shiran Viraj
Translate »