26.6 C
Colombo
2026-10-28
mediahumanrights.lk
NewsPolitical

කොරෝනා එන්නත වහා ගෙන්වන්නැයි ජනපති දන්වයි.. බලධාරියා ලලිත් වීරතුංග..

කොරෝනා එන්නත මෙරටට ඉක්මනින්ම ඉන්නවා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොරෝනා පාලන කමිටුවෙ සාමාජිකයන්ට උපදෙස් දී තිබේ.

එන්නට සම්බන්ධයෙන් එම රටවල් හා මෙරට සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධීකරණය කිරීමට ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතාට බලය පවරා තිබේ.

ගෙන එන ලද එන්නත් මුලින්ම ලබාදිය යුතු කණ්ඩායම් අවශ්‍යතාවය හා ප්‍රමුඛතාවය අනුව තෝරා ගැනීමටද එම කමිටුව තීරණය කර ඇත.

වෛරසය පැතිරයාමේ වැඩි අවදානමක් ඇති ස්ථාන හා පුද්ගල කණ්ඩායම් පිළිබඳ දත්ත රැස්කිරීමට ද එහිදී වැඩිදුරටත් තීරණය කර තිබේ.

lankacnews

Related posts

ලෙබනන් පිපිරීමෙන් ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයටත් හානි – තුවාල වූ ශ්‍රී ලාංකිකයින් ගැනත් සොයයි

Shiran Viraj

තවත් ආසාදිතයන් 29ක් හමුවේ.. කොරෝනා තව ඉහලට..

Shiran Viraj

ජනපති නිල නිවසට අගමැතිවරයා නැවත‍ත්

Shiran Viraj
Translate »