27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
Local NewsNews

ඉන්දියාවට පනින්න ගිය ” රත්මලානේ රොහා” පොලිස් වෙඩි පහරින් මරුට

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දේවමුණි හැරල් රෝහණ ද සිල්වා හෙවත් “රත්මලානේ රොහා“ පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් ඝාතනයට ලක්ව තිබෙනවා.

ඊයේ (23) රාත්‍රියේ දී මෙම පාතාල කල්ලි සාමාජිකයා මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයෙන් ට්‍රොලර් යාත්ත්‍රාවක් උපයෝගී කර ගනිමින් ඉන්දියාවට පළායාමට උත්සහ දරා ඇති බව වාර්තා වන්නේ.

සැකකරු අත්අඩංගුවට ගැනිමට යෑමේදී පොලීසියට වෙඩිතබා ඇති අතර පොලීසිය සිදුකළ වෙඩි තැබිමෙන් සැකකරු මියගොස් තිබේ.

අනතුරව සිදුකළ සෝදිසි කිරීමක දී සැකකරු සතුව තිබී ටී.56 ගිනි අවියක්, පිස්තෝලයක් සහ ඉන්දීය රුපියල් ලක්ෂ 03ක මුදලක් සොයාගෙන තිබෙනවා. මොහු මත්ද්‍රව්‍ය ජාවාරම, මනුෂ්‍ය ඝාතන සහ මංකොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

වත්කම් බැරකම් නීතිය සංශෝධන කෙරේ.. අලුතින් ඇතුලත් කණ්ඩ මෙන්න…

Shiran Viraj

සෞඛ්‍ය තත්ත්වය නිසා ජපාන අගමැති ඉල්ලා අස්වෙන්න යයි

Shiran Viraj

මං දුන්න උපදෙස් අනුව වැඩ කලා නම් ලංකාවට අද මෙහෙම වෙන්නේ නෑ.. හමුදාව නිසා කොරෝනා පාලනය අවුල් වෙලා..

Shiran Viraj
Translate »