mediahumanrights.lk
BusinessBusiness NewsNews

තැන්පතු මුදල් නීති විරෝධී ලෙස ලබාගත් මූල්‍ය ආයතනයකට මහබැංකුවෙන් නියෝගයක්

නීතිවිරෝධී ලෙස පුද්ගලයින්ගෙන් ලබාගත් තැන්පතු මුදල් ආපසු ගෙවීම සඳහා පිළිගත හැකි කාලරාමුවක් ඉදිරිපත් කරන්නැයි කුරුණෑගල, මාස්පොත ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් ආයතනය වෙත ශී‍්‍ර ලංකා මහ බැංකුව නියෝග කර තිබෙනවා.

තැන්පතු මුදල් ආපසු ගෙවීම සඳහා වූ අදාල කාල රාමුව දින 14 ක් තුළ ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු බවයි එම නියෝගයේ වැඩිදුරටත් සදහන් වන්නේ.

අසාමාන්‍ය වැඩි පොළියක් ලබාදෙන බව පවසමින් ඉයෝන් ලංකා ඉන්වෙස්ටමන්ට් ආයතනය පුද්ගලයින්ගෙන් නීතිවිරෝධි ලෙස තැන්පතු ලබාගන්නා බව නෙත් එෆ්. එම්. බැලූම්ගල ඉකුත් ජුනි මස 22 වනදා අනාවරණ කළා.

ධම්මික අතපත්තු නමැත්තෙකු විසින් මෙම ආයතය පවත්වාගෙන යන බවයි එහිදී වැඩිදුරටත් අනාවරණ කෙරුණේ. තැන්පතු ලෙස ලබාගන්නා මුදල් කුමන කටයුතු සදහා යෙදවෙන්නේදැයි අපැහැදිලි බවත්, පවතින තොරතුරු අනුව මුල් ගණුදෙනුකරුවන්ට පොළී ගෙවීම සිදුකරන්නේ පසු ගණූදෙනුකරුවන්ගේ තැන්පතුවලින් බවත් නෙත් එෆ්. එම්. බැලූම්ගල පෙන්වාදුන්නා.

ඒ අනුව  ඉයෝන් ලංකා ඉන්වෙස්ටමන්ට් ආයතනය ඉතා ඉක්මනින් කඩාවැටිය හැකි බවත් එසේ උවහොත් කඩාවැටුණු සෙසු මූල්‍ය ආයතනවල තැන්පත්කරුවන්ට මෙන්ම ඉයෝන් ලංකා ආයතනයේ තැන්පත්කරුවන්ටද සිය තැන්පතු මුදල් හෝ ආපසු ලබාගත නොහැකිව පීඩාවට පත්වනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් ද උපුටා දක්වමින් එහිදී වැඩිදුරටත් පැහැදිලි  කෙරුණේ.

නෙත් එෆ්. එම්. බැලූම්ගල කළ මෙම අනාවරණයෙන් ශී‍්‍ර ලංකා මහ බැංකුව අදාළ ආයතන පිළිබද වහාම විමර්ශන ආරම්භ කළා. විමර්ශන වාර්තා සැලකිල්ලට ගනිමින් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කළේ ධම්මික අතපත්තු නමැත්තා සහ ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් ආයතනය 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස කටයුතු කර ඇති බවයි.

ඒ අනුව ධම්මික අතපත්තු නමැත්තා සහ ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් ආයතනය තවදුරටත් පොරොන්දු පත‍්‍ර නිකුත් කිරීමෙන් හෝ වෙනත් කිසිදු ආකාරයකින් තැන්පතු භාරගැනීම හෝ මුදල් ව්‍යාපාර සිදුකිරීම තහනම් කිරීමට ද ශ‍්‍රී ලංකා මහ බැංකුව නියෝග කළා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අද සහ හෙට නිරිත දිගට වැස්ස වැඩියි

Shiran Viraj

Virginia DMV to open new Williamsburg customer service center

Shiran Viraj

විපතට පත්වුවන් වෙනුවෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය ඉදිරිපත් වෙයි

Shiran Viraj
Translate »