32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

රාජිතට අධි චෝදනා භාර දෙයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට අද (28) කොළඹ මහාධිකරණය අධි චෝදනා භාර දුන්නා.

ඒ පසුගිය ජනාධිපතිවරණය සමයේ  සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්.

අධි චෝදනා භාර දීමෙන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා රුපියල් 10,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නියෝග කළා.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලදි. මෙම නඩුව යළි සැප්තැම්බර් මස 21 කැඳවීමට නියමිතයි.

මෙම සිද්ධියට අදාළව විත්තිකරුවන්ට එරෙහිව  නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදනා පත්‍ර ගොනු කර තිබුණා.

ඒ අනුව දණ්ඩ නිති සංග්‍රහය යටතේ බොරු සාක්ෂි නිර්මාණය, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම යනාදී අධිචෝදනා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනු  කර තිබෙනවා.

මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනෙකු වන සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන අය මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නීතිපතිවරයා විසින් නම් කර තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා

Shiran Viraj

Myanmar to host tourism expo at the end of 2018

Shiran Viraj

කොරෝනා මරණවලට ජනාධිපති-ආණ්ඩුව වගකිව යුතුයි…

Shiran Viraj
Translate »