mediahumanrights.lk
Local NewsNews

ගුරුවරුන් දෙදෙනෙක් සහ ළමුන් 14ක් ස්වයං නිරෝධායනයට

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍යය අංශ විසින් නිකුත් කර ඇති උපදෙස් වලට පටහැනිව ක්‍රියාකරමින් තලවකැලේ නගරයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය බාහිර පන්තියක් පවත්වාගෙන ගිය ගුරුවරුන් දෙදෙනෙකු ඇතුළු එම බාහිර පන්තියට සහභාගි වි සිටි සිසු සිසුවියන් 14 දෙනෙකු අද (20) දින මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් භාරයට ගත් බව තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල පැවසිය.

දිඹුල පතන සහ මස්කෙලිය ප්‍රදේශයේ පදිංචි බාහිර පන්ති පැවැත් වු ගුරුවරුන් දෙදෙනා තලවකැලේ නගරයේ උසස්පෙල විෂයට අදාල සහ තාක්ෂණ විෂය සම්බන්ධයෙන් බාහිර පන්ති පැවැත්විමට නගර සභාවෙන් අනුමැතිය ලබාගෙන බාහිර පන්ති පවත්වාගෙන යාමට අවසර ලබාගෙන ඇති බවත්, කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍යය අංශ විසින් ලබා දි ඇති උපදෙස් අනුව එසේ බාහිර පන්ති පවත්වාගෙන යාමට අවසර ලබාගෙන ඇති සියළු දෙනාට සෞඛ්‍යය උපදෙස් ලබාදෙන තෙක් යලිත් බාහිර පන්ති නොපවත්වන ලෙස දැනුම් දි තිබු  බවද සභාපතිවරයා පැවසිය.

අදාල ගුරුවරුන් දෙදෙනා විසින් කිසිදු සෞඛ්‍යය නිර්නායකයක් නොපිලි පදමින් ඉතා සුක්ෂම ලෙස බාහිර පන්ති පවත්වාගෙන යන බවට තමන් වෙත ලද තොරතුරක් මත තම නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් එම ස්ථානයට යවා සියළු දෙනා මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් භාරයට ගත් බවද සභාපතිවරයා පැවසිය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සභාපති අශෝක සේපාල මහතා විසින් තලවකැලේ පොලිසියට දැනුම් දිමෙන් පසු බාහිර පන්ති පවත්වාගෙන ගිය ස්ථාන දෙකම මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් මුද්‍රා තැබු අතර , බාහිර පන්ති පවත්වාගෙන ගිය  ගුරුවරුන් දෙදෙනා සහ සිසු සිසුවියන් 14 දෙනා දින 14 ක් මහජන සෞඛ්‍යය පරික්ෂකවරන්ගේ අධික්ෂණය යටතේ ඔහුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කිරිමට කටයුතු කර ඇත.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මහින්ද ගෙන් 'චැලේන්ජ්' එකක් : 'මගේ කාලයේ බැඳුම්කර සොයන්න

Shiran Viraj

2018 අය වැය ට අනුව ලබන වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 675ක්

Shiran Viraj

සජිත් අගමැති අපේක්‍ෂක ලෙස එජාපය විසින් නම් කරයි..

Shiran Viraj
Translate »