2026-08-19
mediahumanrights.lk
Local NewsNews

“කොරෝනා සම්පූර්ණයෙන්ම තුරන් වන තත්ත්වයක් තවම නෑ”

කොවිඞ්-19 හෙවත් කොරෝනා වෛරසයේ අවදානම පිළිබද අවධානය ජනතාව විසින් අවම කරනු ලැබුවහොත් එය විශාල අනතුරක පෙර නිමිත්තක් විය හැකි බව ශී‍්‍ර ලංකා වෛද්‍ය සංගමය පවසනවා. එහි උප සභාපති මහාචාර්ය මනූජ් වීරසිංහ පැවසුවේ ඇදිරි නීතිය ලිහිල් කර ජනජීවිතය යථාතත්ත්වයට පත් කිරීමෙන් පසු දින කිහිපයක් ජනතාව නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ බවයි.

එහෙත් මේ වනවිට එම පුරුදු ජනතාවට ක‍්‍රමයෙන් අමතක වන තත්ත්වයක් දක්නට ලැබෙන බව මහාචාර්ය මනූජ් වීරසිංහ පැවසුවා.

ඒ, ඊයේ (19) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනේදීයි.

මෙම වැඩසටහනට ශී‍්‍ර ලංකා වෛද්‍ය සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය චන්දන අතපත්තු ද සහභාගි වුණා. ඔහු කියාසිටියේ කිසි ලෙසකින් හෝ කොරෝනා අවදානම පිළිබද ඇති අවධානය අත් නොහල යුතු බවයි.

කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම තුරන් වන තත්ත්වයක් මෙතෙක් පෙනෙන තෙක් මානයක නොමැති බව ද ශී‍්‍ර ලංකා වෛද්‍ය සංගමය පවසනවා. එහි උප සභාපති මහාචාර්ය මනූජ් වීරසිංහ සඳහන් කළේ කොරෝනා වෛරසය පැවතිය ද සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් ජනජීවිතය යථා පරිදි සිදුකර ගැනීමට සියළු දෙනාට සිදුවන බවයි.

ශී‍්‍ර ලංකාවේ කොරෝනා තත්ත්වය සහ ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වයන් මෙන්ම ඊට මුහුණදිය යුතු ආකාරය පිළිබද එහිදී සාකච්ඡා කෙරුණා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කොරෝනා මරණ යයි සමාජ ජාලවල බොරු දමන 29ක් පසුපස රහස් පොලිසිය..

Shiran Viraj

ඩීසල් ලීටරයක් රුපියල් හයසීයයි…

Shiran Viraj

199ක් ගත් පුංචි හපනුන් දෙදෙනෙක්

Shiran Viraj
Translate »