mediahumanrights.lk
NewsPolitical

මංගල පොදු දේපල අවභාවිතා චෝදනා පිලිගනී.. අද වහාම CID කැදවයි..

හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා අද දිනයේ දෙවැනි වතාවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

පසුගිය ජනාධිපතිවරණය දිනයේ රාජ්‍ය දේපළ අවභාවිතා කරමින් උතුරු පළාතේ ඡන්ද දායකයන් ප්‍රවාහනය කිරීමට රුපියල් ලක්ෂ 95 ක මුදලක් වියදම් කිරීමට අනුමැතිය දුන්නේ යැයි ලැබී ඇති පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි.

පසුගිය 14 වෙනිදාද හිටපු අමාත්‍යවරයාගෙන් පැය පහක පමණ කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත් අතර හිටපු ඇමැතිවරයා එහිදී මාධ්‍ය වෙත කියා සිටියේ තමන් එම මුදල වියදම් කළ බව පිළිගන්නා බවයි.

ඒ සඳහා තමන් අත්සන යෙදූ බවත් තම අනුමැතියෙන් එය සිදු වූ බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් එම චෝදනාව එල්ල වී තිබෙන හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා එකී චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ලීටර් 33000 තෙල් බවුසරයක් පුච්චන්නයි විරෝධතාකරුන් හැදුවේ.. එහෙම වුනා නම් අද රඹුක්කනක් නෑ…

Shiran Viraj

කසල කන්දෙන් විපතට පත්වූවන් වෙනුවෙන් මැතිව්ස් තැබූ ට්විටර් සටහන

Shiran Viraj

ආසාදිතයෙකු මිය යයි..

Shiran Viraj
Translate »