mediahumanrights.lk
Local News News

අලුගෝසු තනතුරට ඉල්ලුම් කිරීම අදින් අවසන් – විදේශීය ජාතිකයෙකුට තනතුර ලබා දෙන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැරසෙයි

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අලුගෝසු තනතුරට අයදුම් කිරීමට ලබා දුන් කාලය අද (25) අවසන් වනවා. ඒ අනුව අදාල තනතුරු සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලැබෙන්නේ අද දහවල් 12 දක්වා පමණයි. 

කෙසේ වෙතත් අලුගෝසු තනතුරු සඳහා මෙතෙක් ලැබී ඇති අයදුම්පත්‍ර වල ගැටළු කාරී තත්වයක් නිර්මාණය වී ඇති නිසා එම තනතුර සඳහා විදේශීය ජාතිකයෙකු බඳවා ගැනීමට අවධානය යොමුවී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.ඒ අනුව අලුගෝසු තනතුර සඳහා විදෙස් ජාතිකයෙකු බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වූ රැඳවියන්ගේ නම් ලැයිස්තුව නීතිපතිවරයාගේ නිර්දේශය සහිතව පසුගිය ජනවාරි 25 වනදා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී තිබුණා. එම ලැයිස්තුවට අනුව මරණ දඬුවම නියම වී සිටින රැඳවියන් සංඛ්‍යාව 17 ක්. 
(under the courtesy of nethgossip.lk news web)

Related posts

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරයි

Shiran Viraj

ඉන්ධන ගේන්න විදිහක් නෑ.. රට වහන්න වෙනවා…

Shiran Viraj

බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කර නෑ – ගැමුණු විජේරත්න කියයි

Shiran Viraj