mediahumanrights.lk
Local NewsNews

අලුගෝසු තනතුරට ඉල්ලුම් කිරීම අදින් අවසන් – විදේශීය ජාතිකයෙකුට තනතුර ලබා දෙන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැරසෙයි

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අලුගෝසු තනතුරට අයදුම් කිරීමට ලබා දුන් කාලය අද (25) අවසන් වනවා. ඒ අනුව අදාල තනතුරු සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලැබෙන්නේ අද දහවල් 12 දක්වා පමණයි. 

කෙසේ වෙතත් අලුගෝසු තනතුරු සඳහා මෙතෙක් ලැබී ඇති අයදුම්පත්‍ර වල ගැටළු කාරී තත්වයක් නිර්මාණය වී ඇති නිසා එම තනතුර සඳහා විදේශීය ජාතිකයෙකු බඳවා ගැනීමට අවධානය යොමුවී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.ඒ අනුව අලුගෝසු තනතුර සඳහා විදෙස් ජාතිකයෙකු බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වූ රැඳවියන්ගේ නම් ලැයිස්තුව නීතිපතිවරයාගේ නිර්දේශය සහිතව පසුගිය ජනවාරි 25 වනදා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී තිබුණා. එම ලැයිස්තුවට අනුව මරණ දඬුවම නියම වී සිටින රැඳවියන් සංඛ්‍යාව 17 ක්. 
(under the courtesy of nethgossip.lk news web)

Related posts

තවත් මැතිවරණයක් කැදවයි.. ඡන්ද විමසීම ජනවාරියේ..

Shiran Viraj

ජනාධිපතිවරණයට යලි තරග කරනවාද..- ජනපතිගෙන් ප‍්‍රකාශයක්..

Shiran Viraj

කි‍්‍රකට් නිලවරණය මැයි 19 – අර්ජුනත් සටනට

Shiran Viraj
Translate »