2026-01-21
mediahumanrights.lk
International NewsNews

කාන්තාවන් දෙදෙනෙක් ගෙල කපා ඝාතනය කරයි

මොරොක්කෝව රාජ්‍යයේ ඇට්ලස් කදුවැටිය ප්‍රදේශයේ තිබී ස්කැන්ඩිනේවියානු කාන්තා සංචාරකයන් දෙදෙනෙකුගේ මලසිරුරු සොයාගෙන තිබේ.

ගෙල කපා ඝාතනය කර තිබූ එම  කාන්තාවන් දෙදෙනාගේ මල සිරුරු ඇට්ලස් කඳුවැටිය ඉහල ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

කාන්තාවන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් ඩෙන්මාර්ක් හා නෝර්වේ රාජ්‍යයන්වල වෙසෙන ඔවුන්ගේ ඥාතීන් වෙත දැනුම් දී ඇති බව මොරොක්කෝ රාජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේය.

ඝාතනය සිදුකළ පුද්ගලයා මොරොක්කෝවේ මරකේෂ් නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පසුගිය 09 වනදා සංචාරයක් සඳහා මොරොක්කෝව රාජ්‍ය වෙත පැමිණි එම කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

01 වැනිදාට රට විවෘතයි..? යෝජිත නව සීමා කිරීම් මෙන්න..

Shiran Viraj

බෝම්බ සහ මෝටාර් බෝම්බ තොගයක් හමුවේ…

Shiran Viraj

බොරු සහතික පෙන්නා ලාංකිකයක් ලක්‍ෂ එකහමාරක් බ්‍රිතාන්‍යයට පැනලා.. බ්‍රිතාන්‍යයෙන් පරීක්‍ෂණ…

Shiran Viraj
Translate »