mediahumanrights.lk
International NewsLocal NewsNews

ලාංකිකයින් 06 ක් ඩුබාහි දී අත්අඩංගුවට

ඩුබාහි දී ශ්‍රී ලාංකීක පිරිමින් 06 ක් සඳහා එරට අධිකරණය විසින් වසර 05 ක සිරදඬුවමක් නියම කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මොවුන් පිරිස ඩුබාහි විලාස් නැමති ගෙවල් හා ස්වර්ණාභරණ මෙන්ම වටිනා මුදල් රැස් කිරීමේ නිරත වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. තියුණු අවි භාවිතා කිරීම, පුද්ගල හා දේපල හානි සිදු කිරීම මත එරට අධිකරණය විසින් මොවුන් වරදකරු කර තිබේ.
මෙම පිරිස රැකියා විරහිත පුද්ගලයින් වන බවත් ඉන් එක් අයෙක් රියදුරු වශයෙන් සිට ඇති අතර මොවුන් ගෙවල්වල දොරවල් බිද දමා එහි තිබී ඇති සේප්පුවක් සොරකම් කර ඇති බව ද වාර්තා වෙයි.
කෙසේ වෙතත් අධිකරණය විසින් මොවුන් රටින් පිටුවහල් කළ යුතු බවට දන්වා තිබේ.
මෙයට අදාළ නඩු විභාගය පසුගිය 2015 දෙසැම්බර් මස 11 වන දින එරට බර්ෂා නැමති පොලිස් ස්ථානයේ ලියපදිංචි කර තිබී ඇත.
මෙම පිරිසෙන් 04 ක් එරට ගුවන් තොටුපලින් පැන යෑමට යන අවස්ථාවේ දී පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 200 ඉක්මවයි

Shiran Viraj

විස්සයි20 ලෝක කුසලානයේදී පිතිකරුවන්ගේ දක්ෂතා ඉහළ යනු ඇතැයි දසුන් ශානක පවසයි

Shiran Viraj

ජනවාරි මැද සිට ඇෆ්ගනිස්තානයේ දරැණු ගැටුම් හටගැනීමෙි අනතුරක්

Shiran Viraj
Translate »