mediahumanrights.lk
International News Local News News

ලාංකිකයින් 06 ක් ඩුබාහි දී අත්අඩංගුවට

ඩුබාහි දී ශ්‍රී ලාංකීක පිරිමින් 06 ක් සඳහා එරට අධිකරණය විසින් වසර 05 ක සිරදඬුවමක් නියම කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මොවුන් පිරිස ඩුබාහි විලාස් නැමති ගෙවල් හා ස්වර්ණාභරණ මෙන්ම වටිනා මුදල් රැස් කිරීමේ නිරත වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. තියුණු අවි භාවිතා කිරීම, පුද්ගල හා දේපල හානි සිදු කිරීම මත එරට අධිකරණය විසින් මොවුන් වරදකරු කර තිබේ.
මෙම පිරිස රැකියා විරහිත පුද්ගලයින් වන බවත් ඉන් එක් අයෙක් රියදුරු වශයෙන් සිට ඇති අතර මොවුන් ගෙවල්වල දොරවල් බිද දමා එහි තිබී ඇති සේප්පුවක් සොරකම් කර ඇති බව ද වාර්තා වෙයි.
කෙසේ වෙතත් අධිකරණය විසින් මොවුන් රටින් පිටුවහල් කළ යුතු බවට දන්වා තිබේ.
මෙයට අදාළ නඩු විභාගය පසුගිය 2015 දෙසැම්බර් මස 11 වන දින එරට බර්ෂා නැමති පොලිස් ස්ථානයේ ලියපදිංචි කර තිබී ඇත.
මෙම පිරිසෙන් 04 ක් එරට ගුවන් තොටුපලින් පැන යෑමට යන අවස්ථාවේ දී පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීව අත්අඩංගුවට ගන්න නියෝගක්

Shiran Viraj

රට වහනවා නම් අඩු ආදායම් ආහාර මල්ලක් ලබාදිය යුතුයි…

Shiran Viraj

මාවනැල්ල රෝහලේ සුළු සේවකයින් වැඩ වර්ජනයක

Shiran Viraj