26.1 C
Colombo
2026-09-18
mediahumanrights.lk
Local NewsNews

රණවිරුවන්ගෙන් පළිගන්නා සංස්කෘතියක් රටේ ඇති කළේ රාජපක්ෂලා බව සරත් ෆොන්සේකා පවසයි

රණවිරුවන්ගෙන් පළිගන්නා සංස්කෘතියක් මෙරට නිර්මාණය කළේ රාජපක්ෂවරුන් බව හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා චෝදනා කරයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ දරුවන් ත්‍රස්තවාදීන් වූ පමණින් පියවරුන් අත්අඩංගුවට ගන්නා ක්‍රමයක් ලෝකයේ කොහේවත් නොමැති බවයි. එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් ඝාතනය කිරීමෙන් පසුව පවා ඔහුගේ දෙමාපියන්ට වැල්වැටිතුරේ ජීවත් වීමට අවසර ලබා දුන් බව මන්ත්‍රීවරයා මෙහිදී සිහිපත් කළේය.

ඊබ්‍රාහිම් නමැති පුද්ගලයා පුරවැසියෙකු ලෙස වරදක් කර ඇත්නම් ඊට නීතියෙන් මුහුණ දිය යුතු බවත්, රණවිරුවෙකු වූ පමණින් හෝ රටට සේවයක් කළ පසුබිම මත නීතිය වෙනස් නොවන බවත් ඔහු අවධාරණය කළේය. කෙසේ වෙතත්, රණවිරුවන් දේශපාලන උවමනාවන් මත දඩයම් කිරීමේ පූර්වාදර්ශය සැපයූවේ රාජපක්ෂ පාලනය බව ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ඌව ප්‍රිමියර් ලීග් තරගාවලිය කුමක් ද? SLC දූෂණ මර්දන ඒකකයටත් දැනුම්දෙයි

Shiran Viraj

මැති ඇමති ඉන්ධන දීමනාව ඉහලට..

Shiran Viraj

අලුත් සභාපති ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කණපිට ගහයි..

Shiran Viraj
Translate »