30.6 C
Colombo
2026-08-31
mediahumanrights.lk
Local NewsNewsPolitical

ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයි

ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව කෙරෙහි දේශීයව මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද විශාල විශ්වාසයක් ගොඩනැගී ඇති බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් මහතා ප්‍රකාශ කරයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ පරිණත නායකත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව ලෝකය තුළ ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති බවයි.

මෙම ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වූ එක් සුවිශේෂී අවස්ථාවක් ලෙස මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ලෝකයේ ප්‍රබලම ප්‍රතිවිරෝධයක් පවතින කණ්ඩායම් දෙකක් ශ්‍රී ලංකාවේ T20 තරඟාවලියකට සහභාගී වීමට ජනාධිපතිවරයා කළ ආරාධනය පිළිගැනීමයි. එම කණ්ඩායම් දෙක මෙරටට පැමිණ ක්‍රීඩා කිරීමට එකඟ වීම රට තුළ පවතින ස්ථාවරත්වය සහ ආරක්ෂාව පිළිබඳ ලෝකයට ලබා දුන් ප්‍රබල පණිවුඩයක් බව ඔහු අවධාරණය කළේය.

ජනාධිපතිවරයා රට බලවත් රාජ්‍යයක් කරා ගෙන යාමට දරන උත්සාහයට සියලු දෙනා සහය විය යුතු බවත්, ජාත්‍යන්තරය තුළ මෙරට කෙරෙහි ඇති වී තිබෙන සුබවාදී ආකල්පය රටේ ඉදිරි සංවර්ධනයට මහත් ශක්තියක් වන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

මියගිය අයට පිං පැතීමේ පරිත්‍රාන ධර්ම දේශනය අද නිදහස් චතුරශ්‍රයේදී

Shiran Viraj

ගම්පහ දිස්ත්‍රික්කයේ 2000කට අද PCR පරීක්ෂණ සිදුකෙරේ : සෞඛ්‍ය අමාත්‍යාංශ රැස්වීමේදී ගත් තීරණ 06 පහතින්

Shiran Viraj

කොළඹ නගර සභාවට පොහොට්ටුව යෝජනා කළ නගරාධිපති අපේක්ෂකයා බෑ කියයි – අද දිනයේ අලුත් අපේක්ෂකයෙක් සොයයි

Shiran Viraj
Translate »