30.6 C
Colombo
2026-08-31
mediahumanrights.lk
Local NewsNews

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නිදහස්

ග්‍රීසියේ බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමෙන් රජයට අලාභයක් සිදු කළේ යැයි චෝදනා එල්ල කරමින් පවරා තිබූ නඩුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිදහස් කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා මෙම තීන්දුව ලබා දුන්නේ, පවරා තිබූ නඩුවේ චෝදනා පත්‍රය අල්ලස් කොමිසම විසින්ම ඉල්ලා අස්කර ගැනීම හේතුවෙනි.

ඒ අනුව, අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු එම නඩුවේ විත්තිකරුවන් සිව් දෙනාම නිදහස් කිරීමට නියෝග කර ඇත.

නඩුවට අදාළ චෝදනා

  • චෝදනාව: ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී 2011 වසරේදී ග්‍රීක භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබුණි.

නඩුව ඉල්ලා අස්කර ගැනීමට හේතු

  • විත්තියේ නීතීඥයන් කළ කරුණු දැක්වීම අනුව, අදාළ බැඳුම්කර ගනුදෙනුව මහ බැංකුවේ රෙගුලාසිවලට හා මූල්‍ය වාර්තා රෙගුලාසිවලට අනුකූලව නීත්‍යානුකූලව සිදුව ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නියෝගයක් නිකුත් කර තිබියදී, අල්ලස් කොමිසම විසින් දෙවන වරටත් මෙම නඩුව පැවරීම යුක්ති සහගත නොවන බවට විත්තිය පෙන්වා දී තිබේ. අධිකරණය මෙම කරුණු දැක්වීම පිළිගනිමින් නියෝගය නිකුත් කර ඇත.

වන්දි ගෙවීම පිළිබඳ කොමිසමේ යෝජනාව

  • යෝජනාව: අධිචෝදනාවන් ඉල්ලා අස්කර ගන්නා දිනයේ සිට මාස 3 ක කාල සීමාවක් ඇතුළත, මෙම වරදට අදාළව සිදු වූ අලාභය ලෙස ගණනය කර ඇති රු.1,843,267,595.65 (රුපියල් එකසිය අසූ හතර කෝටි තිස් දෙලක්ෂ හැට හත්දහස් පන්සිය අනූ පහයි ශත හැට පහක) ක මුදලක් වන්දියක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුමකට බැර කළ යුතු බවට අල්ලස් කොමිසම යෝජනා කර ඇත.
  • විරෝධය: විත්තියේ නීතිඥයන් මෙම යෝජනාවට විරුද්ධ වූ අතර, අවසානයේ අධිකරණය විසින් අදාළ නියෝගය නිකුත් කරන ලදී.

Related posts

මහ පාරේ වෙඩි තබා මරයි..

Shiran Viraj

වෛද්‍ය සැපයුම් අංශය පරිගණක ජාලයට

Shiran Viraj

ගෑස් මිල යලිත් ඉහලට…

Shiran Viraj
Translate »