mediahumanrights.lk
Local NewsNewsPolitical

‘කිසිවකු කුසගින්නේ නැහැ’; ආපදාවෙන් සතුරන් අඩු වී මව්බිම එක් වී ඇතැයි ඇමැති බිමල් රත්නායක කියයි

ආපදා තත්ත්වයක් රට තුළ පැවතියද, මේ වන විට කිසිවකු කුසගින්නේ නැතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

රටේ පොලිසිය, විශේෂ බළකාය, ත්‍රිවිධ හමුදාව මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරුන්, ස්වේච්ඡා සංවිධාන සහ ජනතාව ඉතා යුහුසුලුව සහන සැලසීම වෙනුවෙන් කටයුතු කරන බව පෙන්වා දෙමින්, අමාත්‍යවරයා ඔවුන්ට ගෞරවනීය ස්තුතිය පුද කළේය.

ඔහු තවදුරටත් සඳහන් කළේ, මෙම ආපදා තත්ත්වයත් සමග සතුරන් අඩු වී මව්බිමේ සියලු දෙනා එකතු වී ඇති අතර මහජනතාවත් ආණ්ඩුවත් ඒ අනුව එක් වී ඇති බවයි.

විරුද්ධ පක්ෂයට දැඩි ප්‍රහාරයක්

කෙසේ නමුත්, ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් විපක්ෂය දරන ස්ථාවරය අමාත්‍යවරයා දැඩිව විවේචනය කළේය.

මම විපක්ෂයට කියනවා මූණ දිහා බලලා කතා කරන්න ඉඩ තියාගන්න කියලා. අපි බලාපොරොත්තු නොවන ආකාරයට හෘද සාක්ෂියට දරාගන්න නොහැකි ආකාරයට ඉතාමත් ම නපුරු ප්‍රවේශයක් මේ අපි දකින්නේ.”

ඔහු පැවසුවේ, පක්ෂයක් ලෙස මෙම ස්වාභාවික අනතුරුවලදී හෝල් හාර්ටඩ් ලෙස (පූර්ණ හදවතින්) වැඩ කර ඇති බවත්, 2004 දී ද ඔවුන් ඇති තරම් මිනි ඇදලා ඇති බවත්ය.

ආර්ථික අභියෝග සහ විපක්ෂයේ අපේක්ෂා

  • ආර්ථික ස්ථාවරය: රට භාර ගන්නා විට මීට වඩා දරුණු ආර්ථික අර්බුදයක් තිබූ බව සිහිපත් කළ අමාත්‍යවරයා, කිසිම ආකාරයක වැරදි පාරක නොගිය නිසයි අද ආර්ථික හා දේශපාලන ස්ථාවරයකට රට පත් කරගන්න හැකි වූ බව අවධාරණය කළේය.
  • විපක්ෂයේ සිතිවිලි: “අපි ආව මොහොතේ සිට ප්‍රාර්ථනා කළේ මේක අද වැටෙයි හෙට වැටෙයි කියලා… අපිට මේ හැම වෙලාවෙම සිතිජය පේනවා.”
  • හොඳ විපක්ෂය: විපක්ෂයේත් හොඳට වැඩ කරන අවංක අය සිටින බවත්, ඔවුන් ඔය “බොරු කුමාරවරු” වගේ නොවන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

ප්‍රායෝගික අභියෝග:

  • කෙසේ නමුත් ඇතැම් මාර්ග පිළිසකර කිරීමට යම් කාලයක් ගත වනු ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Related posts

විභාග නිරීක්ෂකයින්ට ජංගම දුරකථන තහනම් කෙරේ…

Shiran Viraj

අපට වාහන ඕනෑ.. සම්මත කරගන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට…

Shiran Viraj

ඌව ප්‍රිමියර් ලීග් තරගාවලිය කුමක් ද? SLC දූෂණ මර්දන ඒකකයටත් දැනුම්දෙයි

Shiran Viraj
Translate »